“බ්‍රිස්බේන් වංච මෙහෙණිය පිළිබද හෙලිදරව්ව”

(සැ.යු: සමාජ මාධ්‍ය ඔස්සෙ සංසරණය වූ වාර්තාකරණයක් බැවින් කතෘ අවසරයකින් තොරව උපුටාගෙන පලකරනු ලබන ලිපියකි.-සියළුම හිමිකම් කතෘ ඇවිරිණි)

“ගිහි ගෙයටත් නැතිව මහණ කමටත් නැතිව දෙලොවක අතරමං වූ පැවිද්දා දෙකොණින් ඇවිලෙන මැද අශූචි තැවරුණ ගමටත් නැති, වනයටත් නැති සොහොන් පෙණෙල්ලක් වැනිය”

බුදුන් වහන්සේගේ මේ උපමාව බැලූ බැල්මට නිග්‍රහයක් මෙන් පෙණුනද කරුණා පෙරදැරිවම කිවූ වදනකි. ගිහි ගෙයටත් නැතිව මහණ කමටත් නැතිව දෙලොවක අතරමං වූ තවත් එවැනි චරිතයක් වන බ්‍රිස්බේන් වාසී නැදිමාලේ සුධම්මා මැතිණිය පිලිබද හෙලිදරව්ව ඔබ වෙත ගෙන ඒම කාලොචිත යැයි සිතමු. ගිහියන් භික්ෂූන්ට සිවුපසයෙන් සලකන්නෙ ඔවුන් නිවන් දකින්න කටයුතු කරනවා කියන පොරොන්දුව මත සිවුර දරා සිටින නිසයි. ඔවුන් වෙනත් දේක යෙදෙනවා නම් ඔවුන් කරන්නෙ ගිහියන්ට වංචා කිරීමක්.

පැවිදි වන මොහොතේ පටන් භික්ශූන් වහන්සේ නම්ක් විනය නීති රකින්නට බැඳී සිටිනවා. ගිහියා භික්ෂූන් දෙස විවේචනාත්මකව නොබැලිය යුතුයැයි අදහසක් පැවතුණද බෞද්ධයා කළ යුත්තේ සිහිනුවණ නැති අන්ධයන් මෙන් නුසුදුස්සන් පිදීම නොව පිදිය යුත්තා සොයා ගැනීමය.

අප භික්ෂූන් වහන්සේ දෙස බැලිය යුත්තේ පුහුදුන් අපේ කෙටි මිනුම්දඬුවලට අනුව නොවේ. අප අතර හැසිරෙන භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේ විසින් ගරු කටයුතු, පිදිය යුතු භික්ෂූන් හැසිරිය යුතුයැයි පෙන්වාදී ඇති ආකාරයට හැසිරෙනවාද යන්න සිතෙහි තබාගෙනය…

භික්ෂූන් වහන්සේලා හැසිරිය යුත්තේ “ඔබවත්, මම වත්, වෙනත් කෙනෙකුවත්” නියම කරන ආකාරයෙන් නොවේ. බුදුන් වහන්සේ නියම කළ ආකාරයෙනුයි. “මම ගිහියන්ගේ ආකාරයෙන්  වෙනස් ආකාරයට පැමිණියේ වෙමි” යිද “මම ගිහියන්ට වෙනස් ආකාරයෙන් හැසිරියයුතුය”යි ද පැවිද්දා නිතර නිතර මෙනෙහි කළයුතු බව අංගුත්තර දසක නිපාතයෙහි දැක්වේ.

භික්ෂූන් ගිහියන් මෙන් අසංවරව හැසිරීමෙන් අසරණ වන්නේ ගිහියන්ය. අසංවර, අශීලාචාර ගිහියාට ආදර්ශයක්, ආලෝකයක් වන්නේ බුදුන් වහන්සේ විසින් ගරු කටයුතු, පිදිය යුතු භික්ෂූන් වහන්සේ හැසිරිය යුතුයැයි පෙන්වාදී ඇති ආකාරයට හැසිරෙන සංවර, සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේය.

එනමුත් නැදිමොලේ සුධම්මා ලෙස පැවිදිව වසර දහයක් ඉක්ම වුවද, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර තම සැමියා සමග නිවසේ වාසය කරමින් සසුනට සහ මුලු මහත් භික්කු , භික්ෂුණී පරපුරටම නිගා දෙන ආකාරයෙන් මහණ දම පවත්වා ගෙන යන වංචනික පැවිදි දිවිපෙවතක් ගතකරන ඇය පිලබද හෙලිදරව් කිරීම සුවහසක් ඕස්ට්‍රේලියා වාසී ලාංකික බෟද්ධ ජනතාවගේ දැන ගැනීම පිනිසත් ඇයගේ එම ක්‍රියාපටිපාටිය පිලිකුල් සහගතව හෙලා දැකීම පිනිසත් මෙසේ සටහන් කරමු.

One thought on ““බ්‍රිස්බේන් වංච මෙහෙණිය පිළිබද හෙලිදරව්ව”

  1. What is your problem here? Can you find accommodation for me and are you prepared to pay rent for my accommodation and bills? Without harassing people can you find ways to help me? That is the correct Buddhist way.

    Like

Comments are closed.