පවුල් අවුලක් විහාරස්ථ දායකයන්ගේ කරමතින් අරින ඕස්ට්‍රේලියාවේ නායක හාමුදුරුවො.

බ්‍රිස්බේන් ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට නව ඉඩමක් මිලදී ගැනීම පසුපස ඇති වංචනික ක්‍රියාපටිපාටිය මෙන්ම එම විහාරාධීපති ඔස්ට්‍රේලියාවෙ ප්‍රධාන සංඝනායක වත්තේගම ධම්මාවාස හිමි විසින් බදු ගෙවන ජනයා රවටා තම පෞද්ගලික කාරනයක් ඉටුකරගැනීම සදහා දායක සභාව සහ සමස්ථ ප්‍රජාවම මුලාකර එම භූමි භාගයෙන් කොටසක් සිතුසේ තම සමීපතයෙකුට නීතියෙන් වෙන්කරදීමේ අභිප්‍රායෙන් ව්‍යවස්තා වීරෝධී ලෙස කටයුතු කිරීම පිලිබදව දැඩි පිළිකුල් සහගත අප්‍රසාදය පලකරමු. 

විහාරස්ථානයට නව භූමිභාගයක අවශ්‍යතාවය මතුකරමින් අවස්තා කිහිපයකදී එහි අරමුණු නන් අයුරින් වෙනස් කොට ශාසනික කරුනක් වශයෙන් ප්‍රජාව එත්තු ගන්වා, එම එකදු කාරනාවක් සදහාවත් යෝග්‍ය නොවන මෙම ඉඩම මිලදී ගැනීමේ එකායන අරමුන එම විහාරාධීපති සමීප ඇසුරක් පවත්වන නැදිමාලේ සුදම්මා මෙහෙණිය ගේ පෞද්ගලික අවශ්‍යතාවයක් ඉටුකරලීම බැව් අපට ඒත්තු යන්නේ; විහාරස්ථානයට නව භූමි භාගයක අවශ්‍යතාවය කලක සිට තිබුනද එය සාදාරනීකරනය කරනු වස්, රථ වාහන නැවැත්වීම, දිනෙන් දින වැඩිවන ලාංකීය ප්‍රජාව, දහම්පාසල ව්‍යප්ත කිරීම, යෝගා මද්‍යස්ථානයක්, භාවනා මද්‍යස්තාන්‍යක්, අන්තර්ජාතික බෞද්ධ මද්‍යස්තානයක්, මෙහෙණි ආරාමයක් ආදී, පැහැදිලි ව්‍යාපෘති වාර්තවකින් හෝ යථායෝගීතාවයකින් තොර, විහාරයට යාබද උක්ත එකම අරමුණක් සදහාවත් යෝග්‍ය නොවන නිවසක් සහිත මෙම භූමිභාගය දායක සභාවේ පූර්ණ එකගතාවය නොමැතිව ලබාගැනීමට වෙරදැරීමයි. දායක කමිටු සාමාජිකයන් සහ අනෙකුත් සැදැහැති කීහිප දෙනෙකු වර්ථමාන  විහාරස්ථ නය බර සහ මාසික වියහියදම් පවා සපුරාගැනීමට අපහසුතාවයක් පව්තිද්දීද තවදුරටත් නයවීම කාලෝචිත නොවන බව දන්වා සිටියත් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑම අත්‍යාවශ්‍ය කරුනක් වශයෙන් විහාරාධීපති හිමියන්ගේ දැඩි උවමනාව මත සභා සම්මත කරගත් බව නොරහසකි.

පසුව මෙම ඉඩම මිලදි ගැනීමට මුදල් සම්පාදනය කරගැනීම සදහා නනාප්‍රකාරයේ පරස්පර හේතු, අරමුණු දක්වන විහාරාධීපති හිමි සම්පාදනය කෙරූ සම්මාදම් ලිපි ප්‍රජාව තුල තැපැලෙන්, ඉලෙක්ට්‍රෝනික මාද්‍යයෙන් හා දුරකතන ඇමතුම් යොමු කිරීමෙන් මේ පසු පස ඇති කූට සැලැස්ම නොදන්නා පිරිස් ඩොලර් පන්දාහ (AU$5000),දහදාහ(AU$10000) වශයෙන් පරිත්‍යාග කරන ලදි. ඉන් ඩොලර් පනස්දාහක් (AU$50000) පිරිනමන බවට පරිත්‍යාග ලේඛනයේ මුලින්ම නම් සදහන් කොට තිබුනේ නැදිමාලේ සුදම්මා මහෙණිය සහ ඇගේ ස්වාමීපුරුශයා ගේ නම් දෙකය. එකවර මෙපමන ඩොලර් ප්‍රමානයක් පරිත්‍යාග කිරීම පිළිබදව පැසසුමක් මිස කාගෙ හෝ සැකයක් නොවන්නට විය නමුදු මෙම ව්‍යාපෘතිය කූට ලෙස ඉදිරියට ගෙනයෑම සදහා මෙසේ අඩිතාලම දමන ලද්දේ විහාරාධීපති හිමිගේ සමීපතයන්ගේ පවා ඇස්වලට වැලි ගසමිනි, සැදැහැති දායකයන්ගෙන් වසන් කරමිනි.

කලක සිට විහාරයට අවශ්‍යතාවයක් ව පැවති නව භූමි භාගයක වටිනාකම නැවත කරලියට එන්නේ පසුගිය සමයේ, පැවිදිව තම ස්වාමියා සමග එකට වාසය කරන නැදිමාලේ සුදම්මා මෙහෙණියට සමාජයෙන් එල්ල වූ චෝදනාත් සමගය (ඒ කාල වකවානුවේය). මේ සම්බන්දව ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී වෙසෙන ලාංකික නමක් දරන කාන්තාවක් විසින් ඇයගේ මුහුනු පෝතේ පලකෙරූ කරුනු සමග ඇයගේ නිරුවත එලිවූවා පමනක් නොව මෙම චෝදනා හමුවේ ඇයට නිවසින් බැහැරව වාසය කිරීමෙ අවශ්‍යතාවය සහ වැදගත්කම නැවතත් පසක් වන්නට විය හැක.(මෙම ලිපිය පොදුවේ සංසරණය වූ නිසාවෙන් කතෘ අවසරයකින් තොරව -” බ්‍රිස්බේන් වංච මෙහෙණිය පිළිබද හෙලිදරව්ව” වශයෙන් වෙන්ම පලකර ඇත) ඇයගේ ස්වාමියාද කීපවරක් මේ වන විට රෝගී තත්වයට පත්වීමෙන් ඔවුන් පොදුවේ වාසය කරන නිවසේ පලහිලව්ව විසදනු වස්, තව දුරටත් පංසලක් වශයෙන් පවත්වාගෙන යැමේ ප්‍රායෝගික ගැටලුවද යනාදි කරුනු සැලකිල්ලට ගනිමින්; ඇයගේ ගුරුවර වන පුජ්‍ය වත්තේගම ධම්මාවාස විහාරාධීපති හිමි මාර්ගයෙන් මෙහෙණියක් වශයෙන් තම පැවැත්ම කෙසේ හෝ සුරක්ෂා කරගත යුතු යැයි සිතුවා විය හැක. 

මේ සියලු කාරනා හමුවේ බ්‍රිස්බේන් සැදැහැතුන් පමනක් නොව සමස්ථ ඔස්ට්‍රේලියාවෙ වෙසෙන බෞද්ධ ප්‍රජාව හමුවේ භාවනා මද්‍යස්ථානයක් ගැනීමෙ අරමුණ ඉදිරියට දමමින් භාවනා මද්‍යස්ථානයකට නුසුදුසු මෙම භූමිභාගය ඉදිරි වසර තිහකට ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ශ හතරක (AU$400000) මුදලකට නය වෙමින්, එය පියවන ලෙස බදුගෙවන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, විශ්‍රාම වැටුපක් සමග තම සැදෑසමයේ අදූරදර්ශි ලෙස පැවිද්දට පැමිනි නැදිමාලේ සුදම්මා මෙහෙණියගේ නිවාස ප්‍රශ්නය විසදනු විනා ශාසනික අරමුණක් ඉශ්ට සිද්ද කිරීම නොවේය යන්න දැන් පැහැදිලිය.

2019 සැප්තැම්බර් 24 දින විහාරස්ථානයෙන් ප්‍රජාව වෙත නිකුත්වූ ඉහත පනිවුඩයේ අවසාන වගන්තිය යටතෙ දක්වා ඇති පරිදි “විහාරස්ථානය යටතේ පැවිදිවන මෙහෙණින් වහන්සේලාට නවාතැන් පහසුකම් සැපයීම” හැර උක්ත සියලු කාරනා දැනට විහාරස්තානය සතුව පවතින යටිතල පහසුකම් යටතේ සිදුකර ගත හැකි ඒවාය. ලංකාරාම විහාරස්ථානය යටතේ පැවිදිවූ මෙහෙණින් වහන්සේලාද ඇත්තේ එක නමකි ! මෙම කරුන ඇස නොගැටෙන සේ යටින්ම (යට) ගසා ඇත්තේ එය එතරම්ම වැදගත් නොවන නිසාම විය නොහැක.

මෙම සියලු කරුනු සනාථ වන්නේ භූමිභාගය ලබාගැනීමෙ මූලික අඩිතාලම දැමීමෙන් පසු භූමිය මිලදී ගැනීමෙ ගිවිසුමට ප්‍රථම නැදිමාලේ සුදම්මා මෙහෙණිය විසින් සකස් කරන ලද නයිතික ලියැවිල්ලක මගින් මෙම භූමිභාගයෙ කොටසක් ඇයට වෙන්කර දෙන මෙන් යොමු කෙරුනු ලිපියකි. මෙය දායක කමිටුව හමුවේ සාකච්ජාවට හෝ අදහස් වීමසීමට බදුන් නොකොට, විහාරාධීපති විසින් එය සම්මත කොට අත්සන් කරනා මෙන් දායක සභා කමිටුව ඉදිරියේ පෙරැත්ත කිරීමෙන් බළලා එලියට පැනීය.

මෙසේ නැදිමාලේ සුදම්මා මෙහෙණිය විසින් සකස්කරන ලද නයිතික ලියවිල්ලෙන් ඉල්ලා සිට තිබුනේ තමන් විසින් මෙම භූමිභාගය සදහා පිරිනමනා  ඕස්ට්‍රේලියානු ඩොලර් පනස්දාහක (AU$50000) මුදලට සාදාරනය ඉටුකරනු වස් නව නව භූමි භාගයේ වාසස්ථානයක් සාදාගැනීමට නීතිමය එකගතාවයක් ඇතිකරගැනීමයි. හාස්‍යට කරුන නම්  එම ලියැකියවිල්ල යෝජනාවක් වශයෙන් විහාරස්ථ දායක සභාවෙ කරුනු  විමසා බලා පිළිතුරු සැපයීම වෙනුවට නැදිමාලේ සුදම්මා සහ ඇයගේ ස්වාමිපුරුෂයා  විසින් විහාරස්ථානයට සමස්තයක් වශයෙන් මේ දක්වා කල සේවය සලකා මෙම  ලියවිල්ලට අත්සන යොදන මෙන් විහාරාධීපති  උගත් දායක සභාවෙන් ඉල්ලා සිටීම සහ පෙලබවීමට තැත්කිරීමය.

ඉංජිනේරුවරුන්, වෛද්‍යවරු, ඝණකාධීකාර වරුන්ගෙන් සමන්විත විද්වත් දායක සභාව ලංකාරාම විවිහාරස්ථ ව්‍යවස්තාවිරෝධී මෙම යෝජනාවට  එකහෙලා විරුද්ධතාවය පලකර ඇත්තේ මෙසේ දායක වන සියලු දෙනාගේ මුදලට මිලදී ගන්නා භූමිභාගයෙන් කොටස කොටස වෙන්කර දීමට සිදුවුවහොත් නැදිමාලේ සුදම්මා මෙහෙණියට පමනක් කොටසක් වෙන්කිරීම මෙයට සම්මාදම් වූ අන් සමස්ථයටම සිදුවන අසාදාරනයක් බව මතක් කර දීමෙනි. එසේ නොමැතිනම් නැදිමාලේ සුදම්මා මෙහෙණිය සහ විහාරාධීපති අතර වූ එකගතාවය හෝ කුමන්ත්‍රණය දායක කමිටුව නොදැන සිටියා විය හැක.

කෙසේ වෙතත් නැදිමාලේ සුදම්මා මෙහෙණිය සහ ඇගෙ සැමියා විසින් පූජාකිරීමට පොරොන්දු වූ ඔස්ට්‍රේලියානු ඩොලර් පනස්දාහක (AU$50000) මුදල පූජා කලේද යන්න නොදනී. (තම යෝජනාවට එකගතාවය පල නොකරන්නේ නම් තම පරිත්‍යාගය නොකරන බව පවසා තිබුනි) එය එසේම වූවාද යන්න සොයාබැලීම වටින්නේ ඇය විසින් ඇයටම නව වාසස්ථානයක් මිලදීගත්තා යැයි සමාජගත කෙරුණු  කාරනාව ද බොරුවක් වන නිසාවෙනි . 

ජනතා මුදල් මංකොල්ල කන බලය අවභාවිත කරන ගජ මිතුරන් සහ නෑදෑයනට ජනතා දේපල බලය අවබාවිත කිරීමෙන් වරප්‍රසාද සලසා දෙන්නේ දේශපාලකයෝ පමනක් නොවන බව මතක තබාගතයුතුය :එවැනි ජඩ සංස්කෘතියක් ඕස්ට්‍රේලියාව වැනි රටකද වැපිරිය හැකියැයි කෙනෙක් සිතනවා නම් එය අනුවන කමකි. එසේ කල හැක්කෙ මෝඩ බහුතරක් සිටින සමාජයක පමනි.

විහාරස්ථ දායක කමිටු තීරනය හමුවේ අසරන  වූ නැදිමාලේ සුදම්මා මෙහෙණිය  සහ වත්තේගම ධම්මාවාස හිමි අර අදින්නෙ කෙසේ හෝ මෙම දේපල සතුකර ගැනීමෙන් නුදුරු අනාගතේ අභිනව භාවනා මද්‍යස්ථානය එක් මෙහෙණින් වහන්සේ නමක් පමනක් වැඩ වාසය කරන විශ්‍රාම ශාලාවක් කිරීමටය. මන්දයත් මෙම කාරනාව මුල්කොට ගෙන එය විවේචනය කල සියලු නිත්‍යවාසික ස්වාමීන්වහන්සේලා ද මේ වන විට පංසලෙන්  නෙරපා හැරීමෙන් මෙ විහාරස්ථානය කරගෙන යැමට ඉතිරිව ඇත්තේ විහාරාධීපති හිමි සහ නැදිමාලේ සූදම්මා මෙහෙණිය පමනක් වන නිසාවෙනි. විහාරස්තායේ විහාරාධීපති හිමි හැරෙන්නට ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පදිංචිය හිමි හෝ පුරවැසිභාවය හිමි කිසිදු හිමිනමක් දැන් එහි නැත. එසේ හිමිවරු සිටින කාලයේද විහාර්ස්තානයේ එකවර සිටියේ හිමිවරු තුන්දෙනෙක් පමනය. මෙසේ හිමිවරු තුන් නමක් පමනක් වාසය කරනා විහාරස්ථානයට තව එවැනිම භූමිභාගයකට ආයෝජනය කරනු වස් බදුගෙවන දායක පිරිසගේ කැපවීම නිවන් දැක්වීමෙ අරමුණින් සාදාරනීකරනය කල හැකිද යන්න බුද්ධිමත් ජනතාව විසින් තීරනය කල යුතු දෙයකි.  

කරුනු කාරනා කෙසේ වෙතත් දායක සභාව ඉහත කරුනු කාරනා සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාවෙ ලාංකික බෞද්ධ සදැහැතියන්ට දායක සභා රැස්වීම් සටහන් උපුටාදක්වමින්  කරුනු කාරනා පැහැදිලි කිරීමක් සිදුනොකරන්නේ නම් ඔස්ට්‍රේලියාවෙ ප්‍රධාන සංඝනායක උඩරට අමරපුර උපාධ්‍යායී බ්‍රිස්බේන් හී ශ්‍රී ලංකාරාම විහාරාධීපති සහ පේරාදෙණිය ශ්‍රී සුබොධාරාමාදීපති වත්තේගම ධම්මාවාස හිමි පහත චෝදනාවන්ට ලක්වන්නෙ නිරායාසයෙනි.


1. විහාරාධීපති සාවද්‍ය  ලෙස පෞද්ගලික අරමුණක්  පෙරදැරිකොට ගෙන එය ශාසනික කටයුත්තක් ලෙස හුවා දක්වමින් දායක සභාව සහ ලාංකීය සහ සමස්ථ ඕස්ට්‍රේළියානු ප්‍රජාව නොමග යැවීම.

2. විහාරාධීපති සාවද්‍ය  ලෙස පෞද්ගලික අරමුණක්  පෙරදැරිකොට ගෙන එය ශාසනික කටයුත්තක් ලෙස හුවා දක්වමින් දායක සභාව සහ ලාංකීය සහ සමස්ථ ඕස්ට්‍රේළියානු ප්‍රජාව නොමග යවා උක්ත කරුන සදහා  මුදල් සම්මාදම් එකතු කිරීම.

3. විහාරාධීපති සාවද්‍ය ලෙස පෞද්ගලික අරමුණක්  පෙරදැරිකොට ගෙන එය ශාසනික කටයුත්තක් ලෙස හුවා දක්වමින් උක්ත කරුන සදහා සමස්ථ ඕස්ට්‍රේළියානු මහජන දායකත්වය යොදාගැනීමෙන් ඔවුන් වංචනික ක්‍රියාවකට පෙළඹවීම.

4. විහාරාධීපති සාවද්‍ය ලෙස පෞද්ගලික අරමුණක්  පෙරදැරිකොට ගෙන එය ශාසනික කටයුත්තක් ලෙස හුවා දක්වමින් උක්ත කරුන සදහා දායක සභාව ද නොමග යවා එය සභාගත කර අනුමත කරගැනීම.

5. විහාරස්ථ දායක කමිටු සභා රැස්වීමකදී උක්ත කරුන සදහා ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකට අනුබල දීම.

6. විහාරස්ථානයට කල සේවය ඇගයීම වශයෙන් විහාරස්තානයට හිමි දේපල මුදලට පිරිනැමීමට යෝජනා කිරීම.

7. පොදු දේපල කොටස් කර මුදලට දීමට යෝජනා කිරීම.

8. අන්‍ය පාර්ශවයක් සමග පෞද්ගලික මට්ටමේ එකගතාවයකට කලින්ම එලැබ පසුව එය ශාසනික කටයුත්තක් ලෙස හුවා දක්වමින් දායක සභාව සහ ලාංකීය සහ සමස්ථ ඕස්ට්‍රේළියානු ප්‍රජාව නොමග යැවීම.

9. ඉහත කාරනා හමුවේ විහාරාධීපති හිමි විවේචනයට ලක් කෙරුවේ යැයිද, ඒ සදහා ආශීර්වාද නොකෙරීම ආදී නොයෙකුත් අපභ්‍රංස චෝදනා කරමින් විහාරවාසී හිමිවරු විහාරස්ථානයෙන් පලවා හැරීම.

කරුනු කාරනා සැලකිල්ලට ගනිමින් ඉහත චෝදනාවන්ට ලක්වන බ්‍රිස්බේන් ශ්‍රී ලංකාරාම විහාරාධීපති වත්තේගම ධම්මාවාස හිමියන් සමස්ථ ඔස්ට්‍රේලියාවාසී බෞද්ධ ප්‍රජාව වංචනික ලෙස නොමග යවා අයතා ලෙස මහජන මුදල් පෞද්ගලික කරුනක් අරබයා සම්මාදම් කොට ව්‍යවස්තා විරෝධී කටයුත්තකට අනුබල දීම සම්බන්දව විනිවිද භාවය සුරකිමින්  සමස්ත ප්‍රජාහමූවේ කරුනු දැක්වීම එම විහාරස්ථ කමිටුවේ වගකීම බවත්, විහාරස්තානයේ චිර පැවැත්මට දායක වූත් දායක නොවූත් සියලු දෙනා මේ පිළිබදව සොයා බලා කටයුතු කිරීම වගකිවයුතු පුරවැසියන් හැටියට තමාගේ යුතුකමත් වගකීමත් ද යන බව මතක්කර දෙමු.

(සැ.යු: මෙම වාර්තාකරණයේ සත්‍යාසත්‍යතාව විමසිය යුත්තේ බ්‍රිස්බෙන් ලංකාරාම විහාරස්ථ දායක සභාවෙනි. මෙම ලිපියෙහි වෙනත්දෝශයක් හෝ ඌන පූරණ ඇත්නම් අදහස් හා සංස්කරණයන් අප වෙත යොමුකරන්න. අපි වෙත ලැබෙන සියලු නිවැරදි කිරීම් සමාව භජනය කොට නැවත පලකරනු ලැබේ.)