යකාගේ කම්මලේ භාවනා මද්‍යස්ථානය

බ්‍රිස්බේන් ශ්‍රී ලංකාරාම විහාරස්ථ යෝජිත භාවනා මද්‍යස්තානයේ සංවර්ධන කටයුතු සිදුකරගැනීමට එම භූමිය තුල ඔනෑම කෙනෙකුට රිසි සේ භාවනා කුටියක් (වාසස්ථානයක) සාදාගැනීමට ඇති හැකියාව තුලින් මෙම ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීමට යෝජනා වී තිබීම, එම විහාරාධීපති සහ කමිටුව විසින් ශාසනය නාමයෙන් ඉදිරිපත් කරන  සුවහසක් දායකයන්ගෙ මුදල් නාස්ති කරනා තවත් අදූරදර්ශි ක්‍රියාවකට මුලපිරීමකි.

සමස්ථයක් වශයෙන් මෙම ව්‍යාපෘතිය  පුස්සක් වන්නෙ ඒ වටා ඇති පැහැදිලි දැක්මක් හෝ මනා සැලැස්මක් නොමැති නිසාවෙනි. ඔස්ට්‍රේලියානු සමාජ ක්‍රමය යටතේ තමන්ට හිමිකම් නොපැවරෙන දේපලකට ආයෝජනය කිරීමෙන් ගැටලූ රාශියක් මතුවන බව ඒ වෙනුවෙන් දායක වීමට ප්‍ර‍ථම කෙනෙකු මනාව සිතා බැලිය යුතු කාරනාවකි. ශාසනය පෙරදැරි කොටගෙන භාවනා කුටි සාදනවා යැයි හගවා ඊට හාත්පසින්ම වෙනස් කූට අරමුණකට දායක පිරිස් යොමුකරවන්නෙ  නිවන පෙන්වා වුවද ඒ පිලිබද මනා අවබෝදයකින් හෝ සොයා බැලීමකින් තොරව කටයුතු කිරීමෙන් ඒ පිරිස් මුලාවට පත්වනවා මිස එයින් අත්වන අද්‍යාත්මික ප්‍රතිලාභයක් නොමැත. තමාට මෙම භූමියෙ සාදන කුටියේ අයිතිවාසිකම හිමි නොවුනද එය ශාසනික කටයුත්තක් නිසාවෙන් ඇතිකරගත්තා වූ අති ශ්‍රද්දාවෙන් අන්දවීද, මෙම ව්‍යාපෘතියේ ඵලදායිතාව සහ ශක්‍යතාවය කෙතරම් අව්‍යාජ වන්නේද යැයි සොයා නොබැලීම මහත් අනුවන කමකි.

ඒ අනුව විමසා බැලූවිට මෙම නව භූමිය ආශ්‍රිතව භාවනා කුටි සෑදීම සම්බන්දව පැන නගින ගැටලු රාශියක් වේ. ඒවා ගැන මනාව සිතා බලා ඒ සදහා දායක විය යුතුද නැත්ද යන්න තීරනය කිරීම ප්‍රජාව සතුය.

1. නිවසක් සහිත නව භූමි භාගය මිලදී ගැනීම පසුපස පවත්නා වංචාකාරී මෙන්ම විනිවිදභාවය රහිත වැඩපිළිවෙළ .

ඒ පිලිබදව කෙරුනු සවිස්තරාත්මක හෙලිදරව්ව මෙහි ” පවුල් අවුලක් විහාරස්ථ  දායකයන්ගේ කරමතින් අරින ඕස්ට්‍රේලියාවේ නායක හාමුදුරුවො ” නමින් වෙනම පලකර ඇත.

2. මෙම භූමියේ පිහිටීම  භාවනා මද්‍යස්ථානයක් සදහා ප්‍රායෝගික හෝ විනයානුකූල යෝග්‍යතාවයකින් තොරවීම.

මෙම භූමිය පිහිටා ඇත්තෙ විහාරස්ථානයට සමාන්තරව ඒ හා සම්බන්ද වන මාර්ගය, දුම්රිය මාර්ගය සහ M5 (Centanary Highway) මහා මාර්ගයට මීටර් පනහක් (50m) වැනි හූවකට අඩු කෙටි දුරකිනි. විහාරස්ථානයට සහ මෙම භූමියට සම්බන්ද Considine Street හී වාහන වලින් සිදුවෙන බාදා වලට අමතරව කාර්‍යබහුල වෙලාවන් හිදි සෑම විනාඩි 15කට වතාවක් සහ ඉන් බාහිර සෑම වෙලාවකම පැය භාගයකට වතාවක් උදෑසන 5.30 සිට රාත්‍රී 12.00 දක්වා එකවිට දෙපසට ගමන් කරන දුම්රිය දෙකකින් ගෙනෙන ගෝසාවත්, අතොරක් නෑර දුම්රිය මාර්ගය ඔබ්බෙහි ඇති මහා මාර්ගයෙන් (M5) පැමිනෙන බාදාකාරී ශබ්දයන්ද මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත යුතු වේ. 

3. මෙම භූමියේ  නීත්‍යානුකූල වශයෙන් ඉදිකල හැකි ගොඩනැගිලි ගනන එම ගොඩනැගිල්ලකට හිමි පිරිවැය හෝ සැලැස්මවල් (Master Plan), රජයේ අනුමැතිය ආදිය දේ  පිළිබද ප්‍රජාව දැනුවත් කර නොමැති වීම. – අංක 7 කරුන සමග සැසැදේ.

4. භාවනා කුටි සැදීමෙන් එවා නඩත්තුව සහ පවත්වාගෙන යැමේ පිරිවැය, ඒ සදහා මුදල් සම්පාදනය කරගැනීමේ ක්‍රියාපටිපාටිය පිලිබද පැහැදිලි විග්‍රහයක් නොමැති වීම. (පවතින නය බරත් සමග)

5. ගිහි දායක ප්‍රජාව සදහා වෙන් කෙරෙන මෙම කුටි මෙහෙණින් වහන්සේලාටද කෙටිකාලීන, දිගුකාලීන වශයෙන් ලබාදීමෙන් ගිහි පැවිදී සම්මිශ්‍රණය විනයානුකූලව ගැටලු මතුකර දීම.

6. මෙවැනි ගිහි -මෙහෙණි සුසංයෝගී භාවනා මද්‍යස්ථානයක් ඔස්ට්‍රේලියාවෙ හෝ ලොව වෙනත් ස්ථානයක නොවීමෙන් මෙය නව සංකල්පනාත්මක ව්‍යාපෘතියක් වශයෙන් ආයෝජනය කිරීමෙ අවදානම.

7. අක්කර පහක භූමිභාගය තුල කුටිවලට අමතරව යෝගා මද්‍යස්ථානයක්, ජාත්‍යන්තර බෞද්ධ මද්‍යස්ථානයක් වශයෙන් මෙම භූමියෙ අවශ්‍යතාවය පෙන්වාදුන් කරුනු සදහා ප්‍රමානාත්මකව යට්තල පහසුකම් සපයාගන්නේ කෙසේද සහ එම ගොඩනැගිලි අතරේ භාවනා කිරීම සහ භාවනා වැඩමුලු කෙසේ කරගත හැකිද, මෙහෙණින් වහන්සේලා සහ ගිහි පිරිස කෙසේ මග වඩන්න්නනේද  විස්තරාත්මක විග්‍රහයක් නොමැති වීම.

මෙම කරුනු කාරනා සැලකිල්ලට ගැනීමේදි පෙනීයන්නෙ තමාගේ කුටිය තමාගේ වියදමින් සාදාගැනීමේ සංකල්පය තුලින් දිගුකාලීන ශක්‍යතාවක් නොමැති සැලැස්මක් ඉදිරයට දමා ඉටු කරගැනීමට බලපොරොත්තු වන “පවුල් අවුලක් විහාරස්ථ  දායකයන්ගේ කරමතින් අරින ඕස්ට්‍රේලියාවේ නායක හාමුදුරුවො” ලිපියේ ප්‍රකාර කූට ප්‍රාථමික  කාරනාව සාක්ශාත් කරගැනීමයි. මෙම ගිහි පැවිදි මිශ්‍ර භාවනා මද්‍යස්ථානය දැනට සංකල්පමය වශයෙන් පවත්වා ගැනීමේ වෑයමක් විදහා පෑවද බදුගෙවන මහජන මුදලින් මිලදී ගන්නා මෙම භූමියේ තවත් ගත හැකි වෙනදු කිසිදු ඵල ප්‍රයොජනයක් සිතා ගත නොහැක. මෙම භූමිය මිලදී ගැනීමේ දායකත්වයට අමතරව කෙනෙක් මෙහි කුටියක් සෑදීමෙන් අද්‍යාත්මික මග දියුනු කරගත හැකිය  සිතනවානම්  එතරම් මුලාවක් නොමැති තරම්ය. කරුනු  කාරනා මෙසේ වුවද පැවිද්දනට ද නොමැති ගිහියනටද නොමැති පැහැදිලි ව්‍යාපෘතියක් නොමැති, කෙටුම්පත් නැති, මෙම යෝජිත භාවනා මද්‍යස්ථානය කපට විහාරාධීපති  හිමිගේ  සිතළු වලට එහෙයි ගාමින් එකගතාවය පලකරන විද්වත් විහාරස්ථ කමිටුවද කරන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රජාව නොමග යැවීමය.