ඕස්ට්‍රේලියාවේ කූඨ හාමුදුරුවරු මෝඩ දායකයින් සහ ව්‍යාජ ශ්‍රද්දාව

ලංකාවේ බෞද්ධයින් සියලුම දෙනා පාහේ බුදුන්ට විශාල ගෞරවයක්, භක්තියක් හා බියක් දක්වන අතර ධර්මය කෙරහිද එසේම වේ. එසේම සංඝයා කෙරෙහිද බෞද්ධයින් තුළ විශාල ගෞරවයක් භක්තියක් හා බියක් තිබේ.  මේ බිය හේතුවෙන්ම සමහර සංඝයා ගිහි දායකයන් අයතා ලෙස හසුරුවනා මෙන්ම තමන්ගේ වාසියට ප්‍ර්‍යෝජනයට නම්මාගන්නේ සූක්ෂම ලෙසිනි. මෙසේ සංඝයා වහන්සේලා එදිනෙදා ජීවිතය තුළ විවිද අවස්තා වලදී විවිදාකාරයෙන් බෞද්ධයාට මුණ ගැසේ. එම මුණ ගැසීම හා අන්තර් සම්බන්ධය තුළ ඇතිවන ගෞරවය සමාජය හා සංඝ සමාජය අතර පැවැත්ම සම්බන්ධයෙන් තීරණය වේ. වසර 2600 ක් පැරණි බුද්ධ දර්ශනය තුළ සංඝයා වහන්සේලාගේ පැවැත්ම පිළිබඳව හොදින් විග්‍රහ කර තිබේ. බුදු දහමේ ඇති සියළුම සුත්‍ර පිටක වල මූලික පරමාර්ථය වන්නේ සංඝ සමාජයේ විනය සකස් කිරීම හා කාර්ය කොටස සමාන්‍ය සමාජයෙන් වෙන්කර දැක්වීමයි. බුද්ධ දර්ශනයේ පැවැත්මට සංඝ සමාජයේ ස්ථාවර භාවය පිළිබඳව වැදගත්කම අවුරුදු 2600 කට පෙරත්, අදත්, හෙටත් බෞද්ධ වියතුන් හා බෞද්ධ නායකයින් විසින් සමාජයටත් රාජ්‍යයටත් සංඝයා වහන්සේලාටත් පෙන්වා දී තිබේ.

ඉතිහාසය මෙසේ වෙත්දී ,ලංකාවේ සංඝ සමාජය දැනට වසර දහයකට, පහළවකට පෙරමෙන් නොව අද බොහෝ සේ පිරිහී තිබේ. මීට දශකයකට එපිට සංඝයාවහන්සේ නමක් යනු සාමාන්‍ය සමාජයට මහත් ආශ්වාදයක්, ගෞරවයක් ගෙන දුන් සමාන්‍ය සමාජයට වඩා ඉහළින් වැජබුණු සමාජ කොටසක් විය. එවකට සිවුරුදර සංඝයා වහන්සේ නමක් ගිහි නිවසකට වැඩම කරන්නේ නම් ඒ පාංශුකූලයක්, දාන මාන පිංකමක් හෝ පිරිත් පිංකමක් සඳහාමය. ස්වාමීන්වහන්සේ නමක් විහාරස්ථානයෙන් එළියට වැඩම කරන්නේ නම් මුළු දායක ගම්මානයම එය දැනගන්නා අතර නිශ්චිතවම ස්වාමීන්වහන්සේ ගමන් කරනා දිශාව ගැමියෝ අනුමානයෙන් නිශ්චය කරති. ස්වාමීන්වහන්සේ අදාළ ස්ථානයට වඩින විටත් එම ස්ථානයේ ප්‍රජාව සුදු රෙදි අතුරා ආසනයක් පනවා පා දෝවනය කොට අහළ පහළ ගෙවල් හත අටකට පණිවුඩ යවා උපාසක උපාසිකාවන් ගෙන්වා සංඝයාවහන්සේ හා අදහස් හුවමාරුවට හා තෝල්ක කටයුතු වලට එම මොහොතේ සොයා ගත හැකි බුද්ධිමත්ම ගැමියා ගෙන්වා සුදානම්ව සිටී. ස්වාමීන්වහන්සේගේ වැඩමකිරීම එම පවුලේ හෝ එම පරම්පරාවේ වසර ගණනාවක නොමැකෙන මතකයක් ඉතිරිකර යයි. නමුත් පසුගිය දශකය තුළ සංඝ සමාජය සම්පුර්ණයෙන් වෙනස් විය. අද නිවසක් ඉදිරිපිට ත්‍රීවිලරයක් නැවතුවහොත් නෑදෑයෙක්, චණ්ඩියෙක් සමහරවිට හාමුදුරුනමක් නිවසට පැමිණෙනු ඇත. එසේ පැමිණ දොරකඩ හිටගෙනම පැමිණි රාජකාරිය හෝ බිස්නස් එක කථාකර ත්‍රීවිලරයේම නැගී ආපසු යනු ඇත. අද සංඝයාවහන්සේලාගේ කාර්ය කොටස, ගෞරවය කෙතරම් විනාශ වී ඇත්ද යත් සංඝයාවහන්සේලා හාඩ්වෙයාර්වල, ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල, ටෙලිෂොප්වල, ගරාජ් වල, දේශපාලන රැස්වීම්වල, ත්‍රීවිලර් රථගාල් තුළ, බස්පොලේ, දුම්රියපොලේ, දේශපාලන රැස්වීම් වල, රණ්ඩු සරුවල් වන තැන්වල, නිවාඩු නිකේතන වල නිතර දැකිය හැකිය. තවමත් සංඝයාවහන්සේ නමක් දැකගත නොහැක්කේ නීතියානුකූල නොවන ගණිකා නිවාසයක පමනක් වුවද පසුගිය සමයේ බ්‍රිස්බේන් ලංකාරාමයේ පූජක වරයෙක් කානතාවක් සමග ඇතිකරගත් සම්බන්දයක් දුරදිග යෑම හේතුවෙන් උසාවියට පවා කැදවා තිබු අවස්තාවක රටෙන් පිටකරන ලදි.( ඒ පිළිබද විශේශ හෙලිදරව්වක් ලගදීම පලකිරීමට බලාපොරොත්තු වෙමු)

ලාංකීය සංඝ සමාජයේ පිරිහීමට මුලික වශයෙන්ම වගකිව යුත්තේ ලාංකීය දේශපාලන ව්‍යුහය සහ දේශපාලකයෝය. මන්දයත් පසුගිය දස වසර තුළ දේශපාලන උපකරණයක් ලෙස ආගම භාවිතා කිරීම නිසාවෙන් බුද්ධාගම නියෝජනය කරනු ලබන ප්‍රධාන සාමාජ කණ්ඩායම්වල සංඝයාවහන්සේලාට අනවශ්‍ය දේශපාලන බලයක්ද, ධනයක්ද ලබාදී දේශපාලන අතකොළු ලෙස භාවිතා කිරීමෙන් සංඝ සමාජය කෙරෙහි තිබූ ගෞරවය සැලකිය යුතු ප්‍රමාණයකින් විනාශ කරන ලදී. එමනිසා  වර්ථමානයේ දරුමල්ලන්, අධ්‍යාපනය ලබන මධ්‍යම පාංතිකයින් සීඝ්‍රයෙන් පන්සලෙන් ඉවත්වී ඇති අතර බොහෝ දෙනෙක් මෙම පන්සල් වල සංඝයා වහන්සේලා සමග අර්බුද ඇතිකරගෙන තිබේ. මෙසේ දේශපාලනය උදෙසා පූජක සරණ ගිය නායකයන් අතර රාජපක්ෂ රෙජීමයට හිමි වන්නේ අංක එක බව කිව යුතුය. ඔවුන් භික්ෂූන් වහන්සේලා දිනා ගැනීමට මහජන මුදල් වියපැහැදම් කළ අන්දම සීමාවකින් තොර විය. එයට අමතරව පිරිවෙන් සහතිකයක් හෝ නොමැති පූජකයනට ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල  ප්‍රධාන සංඝනායක පදවි ආදී නොයේක් පුහු නම්බූ නාම ප්‍රදානය කොට තමනගේ දේශපාලන අතකොලු කරගන්නා ලදි. මෙසේ නම්බුනාම ලද පූජකයන් අප මෝඩ සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවෙදී පාවඩ දමා පිලිගත්තේ මහත් හරසරිනි.

ඕනෑම අපරාධකාරයෙකුට, දුෂිතයෙකුට, තක්කඩියෙකුට සේවය කිරීමට සැදී පැහැදී සිටින පූජක පිරිසක් ලංකාවේ බිහිව සිටීමෙන් සැබවින්ම දේශපාලනඥයන්ටත් වඩා පහත් මට්ටමකට අද සංඝයා වැටී සිටින බව පෙනී යන්නේ රාජ්‍ය නායකයන් ග‍්‍රහණයට නතු කර ගැනීමට ඔවුන් අනුගමනය කරන විවිධ මාර්ගය. අස්ගිරියේ අනු නායක හිමි නමක් ආරක්ෂක ලේකම් නිවෙසින් දන් වළදා හිට්ලර් භෞතීස්ම කරන විට එම ජනාදීපති අපේක්ශකයා වෙනුවෙන් ආශීර්වාදාත්මක බෝධි පූජා පවා බ්‍රිස්බේන් හී ලංකාරාමය වැනි විහාරස්ථාන වල පවත්වා රට පාලනය කිරීමට ආරාධනා කරන ලද්දේ සුළු ජාතීන් වනසා දැමීමට එම නායකයා සමත්ය යන විශ්වාසය පෙරදැරිකොටගෙනය. මේ සැබෑ බුද්ධ පුත‍්‍රයන් ද? මෙම බොධි පූජා වලට පැමින සාදු සාදූ කීවේත් සැබෑ බෞද්ධයන්ද ? පටු අරමුණු වෙනුවෙන් බෝධීන් වහන්සේ වටා දායකයන් රැස්කොට දෙන පණිවුඩය ශ්‍රී සද්ධර්මයද?

Photo Courtesy: Facebook page -‘Bhante Sunanda’

ගිහි සමාජයට හොදින් ජීවත්වීමට මග පෙන්වීමට සිටි සංඝ සමාජය අද ගිහි සමාජය මතට කඩා වැටී තිබේ. එකිනෙකාගේ ගෞරවය, භක්තිය සම්පුර්ණයෙන් විනාශ වී තිබේ. අද දේශාපාලනඥයින් කල්පනා කරනුයේ සංඝ සමාජය යනු රුපියල් ලක්ෂයකට දෙකකට තම දේශපාලන උපකරණයක් ලෙස භාවිතා කල හැකි සමාජ උපකරණයක් ලෙසයි. මෙයට දශක දෙකකට පෙර එය බෙන්ස් කාර් රථයක් වු අතර අද එය රුපියල් ලක්ෂයකට දෙකකට බැස තිබේ. හෙට එය රුපියල් පන්සියේ දහසේ ලංසුවට අඩුවීමට ගතවන්නේ තව නොබෝ දිනකි.

අප මාතෘභූමියේ තත්වය මෙසේ වූ විට එවැනිම ජඩ සම්ප්‍රදායක් ඔස්ට්‍රේලියාවේද දැන් දැන් ප්‍රකට වන්නෙ එම දේශපාලන බල පුලුවන්කාරකම් වලින් හිස උදුම්මාගෙන සිවුරට මුවා වී ඕනෑම අසික්කිත වැඩක් කොට ඔස්ට්‍රේලියානු නීතිය ද  අබිබවා යත හැකයි සිතන පූජකවරුන් නිසාවෙනි.  ලංකාවෙ මෙන්ම ඕස්ට්‍රේලියාවේද  ගිහියන්ට වඩා ඇතැම් පූජකයෝ, දේපල, මුදල් රැස් කරයි. ගිහියන්ට බණ දෙසමින් සියලු පස්පව්, දසඅකුසල් වල නිරත වෙයි, මුදල් වංචා, මහා ධනස්කන්ධයන් වැය කරමින් කීර්තිය පිණිස පවත්වන මිත්‍යා පුදපුජා, ආරාම වෙළදපොලවල් බවට පත්කිරීම්, ලාංකික දේශපාලුවනට ගොට්ට ඇල්ලීම් වැනි අකටයුතුකම් වලම නිරත වෙයි. ප්‍රසිද්ධියෙන් තොරව කිසවක් සිදු නොකරයි. වැලි ඇටයක් දුන්නද එහි ජයාරූප සමාජ මාද්‍යයේ පල ක‍රයි. කෙතරම් ගොඩනැගිලි නිර්මාණය කලද සැහීමකට පත් නොවේ. ජීවිතයේ ගැටළු වලට මුහුණ දීමට ගිහියන් හට උපදෙස් දෙන ඔවුන්, තමන් හට යම් ගැටළුවක් සිදුවූ විට දායක සභාව සහ දායකයන් හමුවේ වැද වැටේ. සිවුර ඉදිරියේ මෝඩ වන දායකයොද මේ සියලු අකටයුතුකම් දැක දැකත් එහෙයි ගාමින් ඒ පූජකයන්ට ගොට්ට අල්ලති. එසේ ගොට්ට ඇල්ලීමෙන් තම දරුවනට හා මතු පරම්පරාවට ලබා දෙන පූර්වාදර්ශය නම් පූජකයනට ඔනෑම ජඩ වැඩක් කල හැක යන්න පමනක් නොව එසේ කිරීමෙන් නිවනද ලබාගත හැකි බවය.

මෙසේ බුදුන් දැකීමට අසමත්ව සිටින පිරිස අතර සැබවින්ම අද ඉදිරියෙන් සිටින්නේ භික්ෂූ වේශයෙන් සිටිනා පූජකවරුන් බව පැවසීම නිවැරදිය. බුදුන් නොදකින සඟුන් සිටින රටක ධර්මයට අත්වන ඉරණම අපි දකින්නේ අප මාතෘ භූමිය වන ශ්‍රී ලංකාවෙනි. වත්මන් ලංකාවේ බෞද්ධ සංස්කෘතිය බුදුන් නොදකින සඟුන්ගෙන් ගහණ වීම අනාවරණය කරන්නේ රටේ විනාශයට තුඩු දී තිබෙන මූලිකතම ඛේදය හා සම්බන්ධ යථාර්ථයයි. ඒ ඉරනම ඔස්ට්‍රේලියාවට නුදුරු අනාගතේ  අත්වන්නේද ඒ ක්‍රියා පටිපාටියට උඩගෙඩි දෙන්නාවූ ද ඒවා අගයන දායක පිරිස නිසාවෙන් බව මතක්කර දීම කාලොචිතය.