පේරාදෙණිය සිරි සුබෝධාරාමයේ ජාතිවාදී පිල්ලිය ඕස්ට්‍රේලියාවට වැඩමවීම සහ බ්‍රිස්බේන් ලංකාරාමයේ මතුදැක්ම

මුහුණු පොතේ(facebook) තම ගෝලයන් (විහාරස්ථ හිමිවරුන්) යොදාගනිමින් ජාතිවාදී මත සමාජගත කරමින් විහාරස්ථ ලොකු කුඩා හිමිවරුන්ගේ ඔලුගෙඩි තුල අසමගිය, ජාතීන් අතර බේදය, බෞද්ධ දර්ශනයට පටහැනි, අධර්මවාදී, අධර්මිෂ්ඨ, ලෝකයා විසින් පිළිකුල් කරනා හිංසාවාදී, ඊනියාවාදී, ගොත්‍රික සංකල්ප-ආකල්ප බහාලමින්,වෛරී අදහස් ප්‍රචාරණය තුලින් ප්‍රචණ්ඩත්වය කරා සමාජය මෙහෙය වීම සම්බන්දයෙන් පේරාදෙණිය සුබොධාරාමාධිපති සහ බ්‍රිස්බේන් ලංකාරමාධිපති  වත්තේගම ධම්මාවාස හිමි චෝදනාවට ලක්වන්නෙ පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ මුහුනු පොත (facebook) පුරා පැතිරුණු කටකතා හා වෛරී ප්‍රකාශ, මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට හේතුවක් විය බව විමර්ශනයකින් අනාවරණය වීමත් සමගය.[1][2][3][28]

මින් වසර දෙකකට පෙර ලංකාව සසල කළ මාරාන්තික වාර්ගික ප්‍රහාරය තුළ සිය භූමිකාව සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම “අපගේ සමාජ මාධ්‍ය වේදිකාව අවභාවිතය සම්බන්ධයෙන් අපගේ බලවත් සංවේගය පළ කරනවා,” යැයි 2020 මැයි මස 12 අඟහරුවාදා වාර්තාවක් නිකුත් කිරීමෙන් ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකාවේ දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල 2018 වසරේ පෙබරවාරී මාසයේ සිදුවූ ප්‍රචණ්ඩ සිදුවීම්, සමාජ ජාල තුළ මුස්ලිම් විරෝධී ලෙස වෛරය අවුළුවමින්  පැතිර යාම හේතුවෙනි. එය පාලනය කිරීම සදහා හදිසි නීතිය පැනවූ ශ්‍රි ලංකා රජය ෆේස්බුක් සමාජ ජාලයට ඇතුල් වීම තාවකාලිකව නවතා දැමීමටද කටයුතු කරන ලදි. එපමණක් නොව හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමේ අරමුණින් සමාජ ජාලා වෙබ් අඩවියක් මඟින් තොරතුරු ප්‍රචාරය කිරීමෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක ඉගෙනුම ලබන පාසල් සිසුන් දෙදෙනෙක්ද රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදි.[1][2][3][28]

මේ කරුනු කාරනා සියල්ල සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ මුහුණු පොත (facebook) හරහා හුවමාරු වූ වෛරය අවුලුවන සුලු සටහන්,මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට සෘජුවම හේතු වූ බවයි. තවදුරටත් ෆේස්බුක් ආයතනය  පෙන්වා දී ඇත්තේ  මෙම කලබලකාරී තත්වයට පෙර එවැනි සටහන් ඉවත් කිරීමට එම සමාගම අසමත් වූ අතර එය සිය සමාජ මාධ්‍ය වේදිකාව තුළ “වෛරී ප්‍රකාශනයට හා වෙනත් ආකාරයන්ගේ හිරිහැරයන් දිගටම පැවතීමට මෙන්ම පැතිරීමටත් හේතු වූ” බවයි…[1][2][3][28]

එම නිසා මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව තුළ මුහුණු පොත (facebook) හරහා මුස්ලිම් විරෝධී වෛරය ඇවිස්සීමට දායක වීම ගැන “මේ හේතුවෙන් මානව හිමිකම් සම්බන්දයෙන් සැබැවින්ම සිදුවූ බලපෑම අප පිළිගන්නා අතර, ඒ සම්බන්ධයෙන් සමාව අයදිනවා” යන්න ෆේස්බුක් සමාගම සමාව අයැද තිබුනද එම සිද්දි මාලාවට සෘජුව හෝ වක්‍රව උඩගෙඩි දුන් ලංකාවේ ආයතන සිද්ධස්ථාන, පූජකයන් හා පුද්ගලයන් මුනිවත රකින්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඒ සම්බන්දව විමර්ශනය තවමත් හමාර කොට නොමැති නිසාවෙන් විය හැක.[1]

විහාරස්ථාන කිහිපයක් අතරින් මෙම තෙල්දෙණිය සිද්දි මාලාවට පේරාදෙණිය ශ්‍රී  සුබෝධාරාමය සහ එහි වසන සමහරක් හාමුදුරුවරුද පෙරමුන ගෙන ක්‍රියා කල බව වාර්තා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ ඒ පිලිබදව සැලකර සිටීම සහ ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙකු වන වත්තේගම ධම්මාවාස හිමි වෙනත් රටකදී (ශ්‍රී ලංකාවේදී) මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනුවෙන් වක්‍රව දායක වීම සම්බන්දව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු සහ විදේශ කටයුතු දෙපාර්තමේන්තු (සහ ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් උල්ලංඝනය පිලිබදව විමර්ශනය කරන සියලු රාජ්‍යය සහ රාජ්‍යය නොවන ආයතන) දැනුවත් කිරීමය. 2018 තෙල්දෙණිය ජාතීවාදී ප්‍රචණ්ඩත්වයට තමා වගකීම දරණ ආයතනයකින් සැපයූ දායකත්වය වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලංකා වාසීන්ගෙන් සහ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගෙන් වත්තේගම ධම්මාවාස හිමි පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමය වෙනුවෙනුත් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හී ලංකාරාමය වෙනුවෙනුත් සමාව අයැද සිටිය යුතුය.

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම සහ බ්‍රිස්බේන් ලංකාරාම යන උභය විහාරාධීපති ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක වත්තේගම ධම්මාවාස හිමියන්ගේ මූලිකත්වයෙන්  පේරාදෙණිය ශ්‍රී  සුබෝධාරාමයේ; මෙම තෙල්දෙණිය ප්‍රහාරයට තෙමසකට පෙර එනම් 2017 දෙසැම්බර් මස 17 දින – එම ප්‍රහාරයනට  අත්අඩංගුවට ගැනුනු ප්‍රධාන සැකකරු වන මහසොහොන් බළකායේ අමිත් වීරසිංහ[12][13], රටේ ජාතිවාදයේ පියා ලෙස හැදින්වෙන, බොදුබල සේනා ත්‍රස්ත සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිද[14][15] ඇතුලු තවත් ජාතිවාදී පිරිසකගේ සහභාගිත්වයෙන් සිංහාවලෝකනය නැමැති මුස්ලිම් සහ අන්‍යාගමික විරෝධී ‘අපේකමට පෙරදැක්ම’ පාඨය යටතේ ජාතිවාදී ප්‍රොපගැන්ඩා සම්මන්ත්‍රණයක්  සංවිධානය කිරීමෙන් මහනුවර වාසී ප්‍රජාව තුල වෛරය ඇවිස්සීමට කටයුතු කෙරිණ.[4]

පන්සල, පල්ලිය, කෝවිල අද ජාති හා ආගම් වාදී ප්‍රකාශ කරන මධ්‍යස්ථාන තත්ත්වයට පත්ව ඇත. ආගමික සිද්ධස්ථානවලට පැමිණ ආගමික වතාවත්වල නිරත වනා වෙනුවට එම පරිශ්‍ර තුළදී වෛරී හා ද්වේශ සහගත ප්‍රකාශ වලට සැදැහැති ලොකු කුඩා පිරිස යොමු කරනු ලබති.  පූජනීය ස්ථාන වෙත පැමිණ මුළුමනින්ම ශාස්තෘන්වහන්සේලාගේ දේශනාවන්ට පටහැනි දේ පවසමින් ජාති හා ආගම් වාදය පමණක් නොව වෛරී දේශපාලනය ද පතුරුවන මෙවන් පුජකයන්ට සහ පුද්ගලයන්ට ඒ සඳහා පූජනීය ස්ථාන තුළ අවකාශ ලබාදීම සම්බන්ධව වත්තේගම ධම්මාවාස හිමි සාමය අගයන සමස්ථ ලාංකීය ප්‍රජාවගෙන් සමාව අයැද සිටිය යුතුය.

නමුත් වත්තේගම ධම්මාවාස හිමියන් ඔස්ට්‍රේලියාවෙ බණ තලමින් නිතර කියා සිටින්නේ කුලයට හෝ ජාතියට වඩා සැම දෙන මෙත් සිතින් යුතුව සැම සත්වයකු දෙසම බැලිය යුතු බව බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා කොට වදාරා ඇති බවත්, මවක් තම එකම දරුවා යම් සේ ආරක්ෂා කරයිද ඒ ආකාරයෙන් ම සියලුම සත්වයන් කෙරෙහි අපරිමාණ වූ මෙත් සිත්වැඩිය යුතු බවය (මාතා යථා නියං පුත්තං – ආයු සා එක පුත්ත මනුරක්ඛේ – එවම්පි සබ්බභූතෙසු මානසම්භාවයේ අපරිමාණං). වර්ණ, ජාති, ගෝත්‍ර, ස්ත්‍රි හා පුරුෂ යන කිසිදු භේදයකින් තොරව සියලු දෙනාටම එකසේ මෙත් සිත පැතිරවිය යුතු බව ලොව වටා සාම සමුලු, සම්මන්ත්‍රණ අමතමින් සිය රටෙහි වර්ගවාදී ආකල්ප වෙනුවෙන් පෙනීසිටීමෙන් අනාවරනය වන්නේ වත්තේගම ධම්මාවාස හිමිගේ රෑ දැනියල් දවල් මිගෙල් දෙබිඩි දෙපිටකාට්ටු චරිතයයි.

https://srilankaramaqld.org.au/leadership/
බ්‍රිස්බේන් ශ්‍රී ලංකාරාම වෙබ් අඩවියේ වත්තේගම ධම්මාවාස හිමිගේ ප්‍රතිරූපය මෙසේ ලෝකයට ඉදිරිපත්කොට ඇත: ඔහු මිත්‍රශීලී  අවංක, නිහතමානී භක්තිමතෙක්‍ ය. ඔහුට සතුරන් නොමැති අතර ඊර්ෂ්‍යාවක් නොපෙන්වන ඔහු අනුකම්පාව, ප්‍රේමය සහ කරුණාවේ සංකේතයකි. ඔහු ආගමික මෙන්ම බුද්ධිමත් සමාජ සේවකයෙකු වන අතර ස්වාභාවික විපත් වලින් විපතට පත්වූවන් බේරා ගැනීමට සහ ඔවුන්ට උපකාර කිරීමට නිතර සූදානම්ව සිටින කෙනෙකි. ඔහු ආදර්ශවත් ගුරුවරයෙකු වන අතර, ධර්මයෙහි දක්ෂ සිසුන් බොහෝ දෙනෙකු  ලොව පුරා විසිරී සිටී. ඔවුන් සියලු දෙනා බුද්ධ ශාසනයට සේවය කරයි. ඔහු හස්තකර්මාන්ත ශිල්පියෙකු වන අතර පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර ප්‍රතිනිර්මාණය කළ හැකි, ගඩොල් සහ බදාම උපයෝගීකරගෙන නව වයාපෘති හා ආරාම බවට පත් කිරීමේ අභියෝග භාර ගනී. බොහෝ රටවල ආරාම පිහිටුවීම මගින් ඔහු දිගු කලක් බුද්ධශාසනයේ අනුගාමිකයෙකු ලෙස සේවය කර ඇත. සියල්ලටත් වඩා, ඔහු පැවිදි ප්‍රතිපදාවට කැපවූ භික්ෂුවකි. විදේසයන්හී සාමය සහ සමගියෙහි බීජ වැපිරීමට ක්‍රියාකාරීව නිරත වේ. (පරිවර්තනය- Google Translate)

ඉන්පසු, 2018 වසරේ මාර්තු රාත්‍රියේ දිගනින් ආරම්භ වූ මහනුවර වෙලාගත් ප්‍රචණ්ඩ ක්‍රියා සහ ප්‍රහාර මාලාව දින තුනකින් පසු අවසන් වන්නේ එක් පුද්ගලයකු මියගොස් ,හාරසියයකට වැඩි දේපල, සිද්ධස්ථාන සහ වාහන සංඛ්‍යාවක්  විනාශ කර දමමින් බව ආගම හෝ ඇදහීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආචාර්ය අහ්මඩ් ෂහීඩ් ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ 43 සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වාර්තාවේ සදහන් කර තිබුනි.[5][6]

තෙල්දෙණිය මූලික කොටගත් මෙම මහනුවර දිස්ත්‍රික්කයේ ආගම පදනම් කොටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දැඩි මතධාරී බෞද්ධ සංවිධානයක් වන මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු 140 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් වාර්තා උපුටාගනිමින් BBC ලෝක ප්‍රවෘත්ති සේවය ඇතුලු අනෙකුත් අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවාවන් ලොව පුරා මෙය වාර්තා කරන ලදි.[6][7][8]

බොදුබල සේනාවෙන් කැඩී ආ කණ්ඩායමක් ලෙස මහසොහොන්  බළකාය සංවිධානය ආරම්භ කෙරුනේ 2016 වසරේදී මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයකදීය. එවකට බුද්ධි අංශ හෙළිදරව් කෙරූ ආකාරයට මහසොහොන් බළකායේ රැස්වීම් හා සාකච්ඡා බොහෝ විට පවත්වා ඇත්තේ පේරාදෙණිය සුබොධාරාමය වැනි දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි සමහර විහාරස්ථානවලය. මුහුනු පොත හරහා මෙම බළකායට 150,000කට වැඩි පිරිසක් සම්බන්ධ වී සිට ඇතැයි ද බුද්ධි අංශ ප්‍රකාශ කරන ලදි.[9]

ත්‍රිවිධ රත්නයේ සරණ යන බෞද්ධයින්, ත්‍රිවිධ රත්නයේ එක් රත්නයක් වෙන සඟ සරණ යෑම යනු මේවැනි යක්කුන්ගේ සරණ යෑමය.

මේ අතර තුර ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ඒ පිලිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන ‘ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්’ (Terrorism Research & Analysis Consortium) හෙවත් ‘ට්‍රැක්’ (TRAC) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන්නේ 2014 දීය.[10][11]

ට්‍රැක් සංවිධානය යනු ලොව විවිධ ජාතීන් වලට අයත් බුද්ධිමතුන්, පර්යේෂකයන් 3000 ක් පමණ එක්ව ක්‍රියා කරන ප්‍රබල ආයතනයකි. ඔවුන් මෙලෙස ලෝකයේ සංවිධාන විශාල ප්‍රමාණයක් ලැයිස්තුගත කර ඇති අතර ලංකාවේ ඊළාම්වාදී සංවිධාන රැසක් ද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇති අතර, බොදු බල සේනා සංවිධානයද ශ්‍රී ලංකාවේ මුස්ලිම්, කතෝලික සුළුතර ආගමිකයන්ට එරෙහිව වෛරී ආකාරයෙන් හැසිරෙමින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇති බව හෙලිදරව් කරයි.

තෙල්දෙණිය සිද්දිය අලලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාරිනී දීපිකා උඩගමගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක සටහන්ව තිබුනේ ආගමික වෛරය මත පදනම් වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිදාමයන් හා වෛරී කථනයන් සැලකිල්ලට ගනිමින් ඒ සඳහා සෘජුව සම්බන්ධ වූ පුද්ගලයන්ට පමණක් නොව ඔවුන්ට අනුබල දෙන්නා වූ සියල්ලන්ටම එරෙහිව වාර්ගික, ආර්ථික, දේශපාලන හෝ සමාජ තරාතිරම් නොතකා දැඩි ලෙස නොපැකිලව කටයුතු කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාගේ වගකීම බව‍‍‍‍ය.[7]

කරුනු කාරනා මෙසේ වෙත්දී බ්‍රිස්බේන් ලංකාරාමයේ පුරප්පාඩු පිරවීමට මීලගට ඕස්ට්‍රේලියාවට ඇරයුම් කොට ඇත්තේ මෙම තෙල්දෙණිය ප්‍රහාරට හේතුවූ සමාජ ජාලා තුල ජාතිවාදය වැපිරීමට දායක වූත් බ්‍රිස්බේන් ලංකාරාමයේ මූලස්ථානය වන පේරාදෙණිය ශ්‍රී සුබොධාරාම විහාරස්ථ පරිශ්‍රය තුල; මහසොහොන් බලකාය, බොදුබල සේනාව සහ සිංහ ලේ[27] සංවිධානය සමග එක්ව ලාංකීය ප්‍රජාව තුල වෛරීසහගත ප්‍රකාශ කිරීමට සැලැස්වීමෙන්, මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට අනුබලදීමේ වැඩසටහන් ව්‍යප්ත කල වත්තේගම ධම්මාවාස හිමිගේ කූඨප්‍රකට ගෝලනමක් වන පේරමන්ඩියේ සුනන්ද හිමිය.[9]

මෙත් කරුණා මුදිතා වෙනුවට ද්වෙශය , ජාතිවාදය සහ අධර්මය පැතිරවීම වෙනුවෙන් කෙරෙනා උපහාරයක්ද?

[සමාජ ජාලා තුල ජාතිවාදය වැපිරීමෙ ක්‍රියාදාමයට සමස්ථයක් වශයෙන් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ හිමිවරු විශාල ප්‍රමානයක් දායක වී තිබුනද ඒ අතරින් පේරමන්ඩියේ සුනන්ද හිමි ගැන පමණක් වාර්තාකරණුයේ ඔහුගේ පැමිනීම ඔස්ට්‍රේලියානු සමාජ ආචාරධර්ම (Australian Values) පද්දතියට පටහැනි නිසාවෙනි.]

https://www.facebook.com/profile.php?id=100010053694100
පේරමන්ඩියේ සුනන්ද හිමිගේ තත්කාලීන මුහුනු පොතේ  (facebook) ගිණුම මෙසේ දිස්වේ. මෙම වාර්තාකරණයෙන් අනතුරුව අදාල පෝස්ටු මකා දමා මෙම ගිණුම අක්‍රීය කරනු ඇත. එම පෝස්ටු වලට අදාල සබැඳියන් (links) පලකරන්නේ එමගින් ෆේස්බුක ආයතනය විසින් එක ගිනුමක දත්ත Cold Storage Severs 32 ක ප්‍රමානයකින් සංරක්ෂණය කරන බැවින් අන්තර්ජාතික නීතිය යටතේ සිදුකෙරෙන ත්‍රස්තවාදී ක්‍රියා හෝ මානව හිමිකම් කඩ කිරීමේ ක්‍රියාවලියනට සාක්ෂි දරන්නේ නම් එම ගිණුම් හී දත්ත සැපයීමට ෆේස්බුක් සමාගම නීතියෙන් බැදී සිටින බව මතක්කරමිනි.

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමයේ වාසය කරනා හිමිවරුන් බොහෝදෙනා අතරේ පේරමන්ඩියෙ සුනන්ද හිමි මෙම ජාතිවාදී ක්‍රියාවලියට මූලිකත්වය ගෙන කටයුතු කරමින් විහාරස්ථානයේ අනෙකුත් ලොකු කුඩා හිමිවරුද පොලඹවාගනිමින්, අසමගිය, වෛරය සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා අත්පත්‍රිකා, පෝස්ටර්, බැනර්,ජාතීන් අතර අසමගිය වෛරය ඇති වන ආකාරයේ වැකි ප්‍රජාව අතරේ බෙදා හැර තිබීමෙන් දිගන තෙල්දෙණිය ඛේදවාචකයෙ ලේ තැවරෙන්නේ වත්තේගම ධම්මාවාස හිමි සහ පේරමනඩියේ සුනන්ද හිමි ගේ පමනක් නොව පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ආයතනයට සම්බන්ද සියලු අනෙකුත් ආයතන හා අනුයුක්ත ලොකු කුඩා හිමිවරුන්ගේද දෑත්වලය. 

https://www.facebook.com/photo.php?fbid=573468439664941&set=pb.100010053694100.-2207520000..&type=3&theater
පේරමන්ඩියේ සුනන්ද හිමි පේරාදෙණිය ශ්‍රි සුබොධාරාමයේ සිංහාවලෝකනය නැමැති මුස්ලිම් සහ අන්‍යාගමික විරෝධී ‘අපේකමට පෙරදැක්ම’ පාඨය යටතේ ජාතිවාදී ප්‍රොපගැන්ඩා සම්මන්ත්‍රණය 2017 දෙසැම්බර් 2 දින මුහුනු පොතේ පලකරන්නේ ‘ ජාත් යාලයැති ආදරණීය දූ පුතුනි, අපට ඔබේ සහභාගීත්වය අවැසි මොහොතයි යන ආරාධනා සටන් පාඨයක් ද සහිතවය. මෙවැනි හිමිනමකගේ ආභාසය ලැබීමට ඔස්ට්‍රේලියා වාසී ලාංකික දුවා දරුවන් කෙතරම් වාසනාවන්ත විය යුතුද.
https://www.facebook.com/photo.php?fbid=215771642101291&set=pb.100010053694100.-2207520000..&type=3
පේරමන්ඩියේ සුනන්ද හිමි විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කෙරූ බොදුබල සේනාවෙ ජාතික සමගියට,ආගමික සහජීවනට බාධාවන ආකාරයේ වෛරී ප්‍රකාශ මෙන්ම අසත්‍ය ප්‍රචාරයන් මෙසේ සමාජ සමාජ ජාලා මාධ්‍යවල ප්‍රචාරය කරන්නෙ 2018 ජනවාරි 26 දින එනම් තෙල්දෙණිය ප්‍රහාරයට මසකට පෙරය. 2018 මාර්තු මස දිගන නගරයේ ඇතිවූ ගැටුම් උත්සන්න වීමට සමාජ මාධ්‍ය මගින් ගෙනගිය ප්‍රචාර සෘජුව බලපෑ බව මුහුනු පොත සමාව අයැද සිටියේ මෙවැනි පුද්ගලයන් නිසාය.
https://www.facebook.com/photo.php?fbid=618841648460953&set=pb.100010053694100.-2207520000..&type=3
බියට පත් වී සිටින තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ මුස්ලිම් ජනයා එම ප්‍රදේශය අතහැර ගොස් ඇත්තේ නිවාස රැසක්ද කළහාකාරීන් ගිනිතැබීම හේතුවෙනි.එසේම කළහකාරී පිරිස් වල ගොදුරු බවට පත්ව තිබුනේ ව්‍යාපාරික ස්ථාන බව සහ මෙසේ ජාතිවාදී පදනමින් සිදුවන බොහෝ ප්‍රහාර පිටුපස ඇත්තේ ව්‍යාපාර කටයුතු අඩපන කිරීම බවට විමර්ශන වලදී හෙළිවී ඇති බව බුද්ධි අංශ ආරංචිමාර්ග අවධාරණය කෙරුනි.[18]
[19] 2018 මාර්තු 5 වෙනි දින පේරමන්ඩියේ සුනන්ද හිමි මෙසේ තෙල්දෙණියට ඇදිරිනීතිය දැමීම මුහුනු පොත තුලින් ලොවට හඩනගා කීමෙන් පසක් වන්නේ මේ කිසිවකට ඔහුගේ සම්බන්දයක් නොවන නියාවය.
https://www.facebook.com/photo.php?fbid=215771642101291&set=pb.100010053694100.-2207520000..&type=3
අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කළේය. [16] ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඇතැම් බෞද්ධ භික්ෂූන් මෙන්ම දේශපාලනඥයන් අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. පසුව “ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දීම, ජනාධිපතිවරයා අධිකරණයට කළ අපහාසයක්” සහ අශෝභන හැසිරීමකට වරදකරු වූ පුද්ගලයෙකු නිදහස් කිරීමෙන් ජනාධිපතිවරයා ද අධිකරණයට අපහාස කිරීම අනුමත කර ඇති අතර, අධිකරණ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස බලපෑම් කර තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ හේතුවෙන් ජනාධිපති සමාව යටතේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදහස් කිරීමත් සමඟ ජනාධිපති සමාව පිළිබඳ සමාජය තුළ ප්‍රබල විරෝදතාවය සහ සංවාදයක් මතු විය.[17]
ත්‍රස්තවාදී කල්ලියක නායකයකු අපි ගලවා ගැනීමට කුමක් හෝ කල යුතුයි යන්න මේ ඇරයුම් කරන්නේ පේරාදෙණිය ශ්‍රී සුබොධාරාම විහාර වාසී හාමුදුරුවරුන්ටය. මෙහි නම් සදහන් කර ඇති සියලුදෙනා පාහේ බොදුබලසේනාවේ සහ මහසොහොන් බලකායේ ජාතිවාදී ව්‍යාපාරයට සුබෝධාරාමයෙන් දායකත්වය දුන් පිරිස බව සිතාගත හැක. මෙය චෝදනාත්මක හෙලිදරව්වක් වන්නෙ මේ ආකාරයෙන් විහාර වාසී සමස්ථ ජ්‍යෙෂ්ඨ සංඝයා ජාතිවාදී අදහස් දරන්නෙ නම් මෙවැනි ආයතනයකින් සාසනයටත් රටටත් අනාගතයේ දායක කරනුයේ විකෘති අදහස් වලින් හෙබි සඝ පරපුරක් බවට මතක්කර දීමටය.

මෙවැනි හිමිනමක් බහු සංස්කෘතිය අතින් ලොව අංක එකේ රට ලෙස උදම් අනන ඕස්ට්‍රේලියාවට සැපත් වීම, බහු වාර්ගික – බහු භාෂාමය සහ බහු-ආගමික අනන්‍යතාවය ශක්තිමත් කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කර ඇති මෙරටට තර්ජනයක්, නිගාවක් මිස යහපතක් නොවන බව මතක්කර දීම වැදගත්ය. තවද බහු සංස්කෘතික භාවය යටතේ ඕස්ට්‍රේලියානු ජාතික අනන්‍යතාවයේ නිර්වචනාංගයක් ලෙස එකිනෙකාගේ ආගමික පදනම, ඔවුන්ගේ ජාතියේ ඉතිහාසය, සංස්කෘතික සිදුවීම්, සමාජ අවශ්‍යතා, භාෂාවන් සහ සම්ප්‍රදායන් අරබයා ඇති අයිතිවාසිකම්, නිදහස සහ සමානාත්මතාවය හේතුකොටගෙන ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ දහසක් ලාංකික ඕස්ට්‍රේලියානු මුස්ලිම්, ක්‍රිස්තියානි සහ බෞද්ධ පිරිසට පේරමණ්ඩියේ සුනන්ද හිමි වැනි ආගමික අන්තවාදියකු ගේ සපැමිණීමෙන් සිදුවන්නේ මහත් අගෞරවයක් සහ අසාධාරණයකි. මෙවැනි අන්තගාමී පිල්ලි ඕස්ට්‍රේලියාව වැනි රටක තිබෙන බහු සංස්කෘතිකවාදී ස්වභාවයට පමනක් නොව මෙරටේ පවතින දූශිත නොවූ බෞද්ධ ආකල්පයනටද තරුන පරම්පරාවටද මහත් තර්ජනයකි.

එපමනක් නොව ආගමික කණ්ඩායම් අතර එදිරිවාදීකම හා වෛරය ප්‍රවර්ධනය කෙරූ මහජනයා ප්‍රචණ්ඩත්වයට පොළඹවා වෛරී කතිකාවත් මගින් සාමයට බාධා පමුණුවීමෙන් නිර්මල  බුදු දහම කෙලසන අකාරයෙන් විහාරස්ථානයත් විහාරස්ථ ලොකු කුඩා හිමිවරු ෆැසිස්ට්වාදී දෘෂ්ටි තුල මොල සුද්ද කරමින් අපයෝජනය කෙරූ වත්තේගම ධම්මාවාස හිමි වේවා, පේරමණ්ඩියේ සුනන්ද හිමි වේවා ඕනෑම භික්ෂුවක්, දේවගැතිවරයෙක්, ඉමාම්වරයෙක්, පූජකවරයෙකු, වැඩිමහල්ලෙක්, නිලයක් දරන්නෙක් හෝ ඕනෑම ආගමික කණ්ඩායමක හෝ ආයතනයක බලධාරීවරයෙක්ව සිටින ඕනෑම පුද්ගලයෙකුට හෝ කිසියම් සාමාජිකයෙකු ඉහත සඳහන් ආකාරයෙන් විවිධ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදීකම, වෛරී බව හෝ අමනාපය ඇතිවන සේ ආගමික විශ්වාසයක් ඇදහීමේ හෝ ප්‍රචාරය කිරීමේ මුවාවෙන් විනාශකාරී ක්‍රියාවන් සිදුකිරීම හෝ සිදුකිරීමට උත්සාහ කරන ඕනෑම සාමාජිකයෙකුට ඕස්ට්‍රේලියානු නීති ප්‍රකාර ප්‍රතිබාධන නියෝග (restraining order) ක්‍රියාත්මක කිරීම සහ එවැනි වෛරී අපරාධ සහ අන්තවාදී ක්‍රියාවන් “කිසිසේත්ම නොඉවසීම” (“Zero-tolerance”)හා බ්‍රිස්බේන් ලංකාරාමය වැනි ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංවිධානයක් ,ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නියැළී සිටින, සහයෝගය දක්වන,විදේශීය ත්‍රස්ත කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වන ඕනෑම සංවිධානයක් ඕස්ට්‍රේලියානු ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු වන පරිදි  වහාම තහනම් කිරීම ඔස්ට්‍රේලියානු රජයේ වගකීමක් බව මතක්කර දීම මෙයින් සිදුකෙරේ.

පසුවදන:

සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ යහපත් ආණ්ඩුකරය සහ විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය ඕස්ට්‍රේලියානු සමාජ පර්යාය පදනම් වී ඇති මූලික ප්‍රතිමාන ලෙස මෙරටට සංක්‍රමණය වූ සියල්ල දන්නා කරුනකි. එනමුත් අප මව්බිම වූ ශ්‍රී ලංකාව යනු සමාජ අසාධාරණය පිරිහුණු ප්‍රජාතන්ත්‍රවාදය, අයහපත් ආණ්ඩුකරණය ,ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අතර විශ්වාසය බිඳ වැටී අසමගිය සමාජ පර්යායේ මූලික අව ලක්ෂණ බවට පත්වී ඇති රටකි. මෙම ප්‍රතිඵලයට හේතු වී ඇත්තේ සමස්ත දේශපාලන දේහය රාජ්‍ය බලය අවභාවිතයෙන් තම පටු ‍පරමාර්ථ ඉෂ්ඨ කර ගැනීම සඳහා සැදී පැහැදී සිටින පිරිස්වලට තෝතැන්නක් වී තිබීම, රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් මේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යාමට පහසුකම් සැපයීම සහ එම දූෂිත ක්‍රමයට මහජනයාගේ (පූජක පක්ශයද ඇතුලුව) සහයෝගය බල මුළු ගන්වන යාන්ත්‍රණ බවට පත්ව තිබීමයි.  

එවැනි තතවයක් ඕස්ට්‍රේලියාව වැනි රටකටද නුදුරේදී අත්වන්නෙ එවැනිම සාමාජීය දේශපාලනික සහ අන්තවාදී ආගමික ආකල්ප ඇති පුද්ගලයන් සහ පූජකයන් මේ රටට වද්දාගැනීමෙන් සහ, වද්දාගැනීමට මන්පෙත් සැකසීමෙනි. 2019 වර්ශයේ අප්‍රේල් මස 21 දින කිසිවෙක් බලාපොරොත්තු නොවන ආකාරයෙන් මුළු ලොවත්,රටත් කම්පාවට පත් කරමින් අන්තවාදී පිරිසක් විසින් කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් කුරිරු ලෙස මිනිස් ජීවිත රැසක් දැයට අහිමි කළෙය. එවැනි ඉරණමක් අපට අත්විදින්නට වූ මූලිකම හේතුව වශයෙන් සදහන් වන්නෙ වහාබ්වාදය පතුරුවන අන්තවාදී ඉස්ලාමීය පූජකවරුන් රටට ඇතුලුවීමයි.[20][22][23] නිසිලෙස සොයාබැලීමකින් තොරව එදා ලංකාව තුලට ආගම්වාදී නරුමයන් ඇතුලු නොකරගත්තේ නම් බෞද්ධ නාමයෙන්ද අද ආගම්වාදය හා ජාතිවාදය මුල්කොටගත් අන්තවාදයක් බිහිවන්නේ නැත.[21] එමනිසා කරුනු කාරනා සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාකරණය සුවහසක් ඕස්ට්‍රේලියානු  මහජනයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ දූරදර්ශි ලෙස සිතාබැලීමෙන් ඕස්ට්‍රේලියානු ප්‍රතිමාන තුල ආගම ජාතිය කුමක් වුවද මෙරට සාමය පළුදු වන ආකාරයේ කුමන හෝ විස බීජ, පෙරනිමිති වලක්වාගත යුතු බැවින් ය.

නූතන සමාජ සම්මුතියට අනුකූල නොවන ගෝත්‍රවාදය,ජාතිවාදය හෝ කුලවාද පිටු දැක, සමාජය දෙස සමානාත්මතාවයකින් බැලීමට බුදුරජාණන් වහන්සේ විසින් සිය ශ්‍රාවක පක්ෂය පෙළ ගැස්වමින් කටයුතු කරන්නේ දැනට අවුරුදු 2600 කට පෙරය.[24] ඒ සමාජය තුළ අන්‍යෝන්‍ය සුහදත්වය මෙන්ම මිත්‍රත්වය ඉස්මතු කිරීම තුලින් නිදහස් නිවහල් වාතාවරණයක් නිර්මාණය කිරීමටය. විශේෂයෙන් මිනිසාගේ උපත පදනම් කොට, මිනිසා ජාති හෝ කුල ක්‍රමයක් යටතට පත් කරමින්, ඔවුන්ගේ සමාජ මෙහෙයන් ද ඊට අනුරූපව සකස් කර තිබූ බ්‍රාහ්මණ සමාජ ක්‍රමය, බුදුරජාණන් වහන්සේ නිර්දය ලෙසින් හෙළා දකිමින් මානුෂිකත්වය ආරක්ෂා කරලීමට හා මිනිසා මිනිසාගෙන් දුරස්වන්නේ කුමන පදනමක් මත ද යන්න ඉතා පැහැදිලිව එදා පෙන්වා දුන්නෙය.[25][26]

ලාංකිකයන් වශයෙන් සමාජය තුල අප වඩාත් පසුගාමීත්වයට පත්ව ඇත්තේ විවිධ බෙදීම් මගින් මිනිසුන් පරාදීන චින්තනයන් වෙත ඇද දැමා ඇති හේතුවෙනි. කුල භේද හා ජාති භේදය මේ අතරින් වඩාත් ප්‍රබල සාධකයෝ වෙති. සෑම දෙනා එකාවන් ලෙසින් සලකන විට හා සම අයිතීන් හිමිවන වට පරාදීන චින්තනය ඉවත් කර ගැනීමටත් ධනාත්මක ආකල්පවලින් සිය ජීවිතය පුරවා ගැනීම මගින් සමාජය දියුණුවක් කරා ගෙන ඒමටත් හැකි පසුබිමක් නිර්මාණය කර ගැනීමට මිනිසාට හැකි බව බුදුදහම එදා පැවසූ දේ තුළින් ප්‍රායෝගිකව වර්ථමානයේ ඔප්පු කොට ඇත්තේ ඔස්ට්‍රේලියාව වැනි නූතන රටවල් බව මතක්කර දෙමු.

මූලාශ්‍ර හා සබැඳි:

[1] https://www.aljazeera.com/news/2020/5/13/sri-lanka-facebook-apologises-for-role-in-2018-anti-muslim-riots

[2] https://timesofindia.indiatimes.com/world/south-asia/facebook-apologises-for-role-in-2018-lanka-unrest/articleshow/75728940.cms

[3] https://thediplomat.com/2020/05/facebooks-apology-for-its-role-in-sri-lankas-anti-muslim-riots-should-spark-change/

[4] https://www.facebook.com/photo.php?fbid=573468439664941&set=pb.100010053694100.-2207520000..&type=3&theater

[5] https://www.ohchr.org/en/issues/freedomreligion/pages/freedomreligionindex.aspx

[6] https://www.ohchr.org/en/issues/freedomreligion/pages/freedomreligionindex.aspx

[7] https://www.bbc.com/news/world-asia-43300913

[8] https://www.aljazeera.com/news/2018/3/6/sri-lanka-imposes-state-of-emergency-after-communal-riots

[9] http://sirikatha.lankadeepa.lk/sunday/sunday_news/%E0%B6%B8%E0%B7%84%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%85%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA-%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD-%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%93-%E0%B6%86-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A/53-525804

[10] https://www.trackingterrorism.org/group/bodu-bala-sena

[11] https://www.colombotelegraph.com/index.php/bbs-classified-as-a-terrorist-organization-by-terrorism-research-analysis-consortium/

[12] https://colombogazette.com/2019/06/04/mahasohon-balakaya-leader-granted-bail/

[13] https://www.wsws.org/en/articles/2018/03/13/muli-m13.html

[14] https://www.wsws.org/en/articles/2018/03/13/muli-m13.html

[15] https://www.colombotelegraph.com/index.php/anti-muslim-assaults-in-teldeniya-kandy-under-curfew-police-on-alert-as-bbs-shows-up/

[16] https://in.reuters.com/article/sri-lanka-monk-sentence-idINKBN1KT0UQ

[17] https://www.euronews.com/2019/05/22/sri-lanka-president-pardons-hardline-buddhist-monk

[18] https://www.thehindu.com/news/international/curfew-re-imposed-in-kandy-internet-blocked/article22967846.ece

[19] https://www.newstube.lk/news/1201-digana

[20] https://www.thecipherbrief.com/column_article/sri-lanka-reconsiders-the-nature-of-its-relationship-with-saudi-arabia

[21] https://www.hrw.org/news/2019/07/03/sri-lanka-muslims-face-threats-attacks

[22] https://www.colombotelegraph.com/index.php/the-wahhabi-invasion-of-sri-lanka/

[23] https://thuppahis.com/2019/05/05/the-transformation-of-muslim-politics-in-sri-lanka-and-the-growth-of-wahhabism-from-the-1980s/

[24] https://www.vridhamma.org/There-was-No-Caste-Discrimination-On-Path-of-the-Buddha

[25] https://www.budusarana.lk/budusarana/2015/05/03/tmp.asp?ID=fea05

[26] https://dharmaparyeshana.org/archives/643

[27] http://www.dinamina.lk/2016/02/11/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84-%E0%B6%BD%E0%B7%9A-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B6%B8-%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B6%B4%E0%B7%80%E0%B7%8F-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1-%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F?page=4

[28] https://apabhransa.files.wordpress.com/2020/10/c174d-srilankahria_executivesummary_final.pdf