කන්නෙ එලවලු වූනාට බොක්කේ දඩ මස්- ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක ජවනිකාව

කලක් ඇසුරින් කෙනෙකුගේ සිල් 
ගැන යමක් දත හැකි වුවත්,

මඳක් ඇසුරින් සිල් කඳන් යැයි 

සිතත් නුනුවණ දන අහෝ

මුවේ සිනහව හදවතේ නැති

බොරුව පෙන්වන ලෝකයා වෙත

පිටතට එකක් ඇතුලට එකක් ලෙස

චරිත දෙකකින් පෙනී ඉඳිමින්⁣

ලොවක් රවටන කපටි පුඟුලෝ

මහාගුණවත් ලෙස ම සිතනා 

මනුදහම් සහ ගුණය හරි හැටි 

නාඳුනන අසරණ දනන්….

බයංකර වූ සසරෙ ඇති තතු 

කෙසේ නම් වටහා ගනිත්…

සංඝ  සමාජයේ ජීවත්වෙන බොහෝ දෙනෙකු නොමිනිස් ගති සඟවාගෙන මිනිසුන්‍ සේ සිටීමට උත්සාහ දරති. වනචාරී ශිෂ්ටාචාරයකින් පැවැත එන මිනිසා වනචාරී ගති සඟවාගෙන ශ්‍රද්ධා සහගත යතිවරයාණන් වහන්සේලා ලෙස සමාජයේ පෙනී සිටීමට උත්සාහ දරති. එවැනි ශ්‍රමණ ප්‍රතිරූපකයන් සමාජයට සිදු කරන හානිය සුළුපටු නොවේ. එදත් – අදත් – කවදත් එවැනි චීවරදාරීන්ගේ අඩුවක් දක්නට නැත. 

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරද මෙසේ දායකයන් මුලාකොට, තම සිතැඟි රිසි සේ  දේපල කම් සැප විඳින්නාවු කපට කම්බ හොර ඝන ගෙඩියෙකු යෙහෙන් වැජඹේ. ජනතාව ඔහුගේ සිනහවට, මෘදු වදන් වලට  එදත් – අදත් – හෙටත්  හසුවෙනූ නොඅනුමානය. ඔවුන් සියළු දෙනා  පසුව හඬා වැළපෙති,නෝක්කාඩු කියති. යළි යළිත් හසුවෙති. නමුදු මේ ප්‍රයෝගකාරී කම්බ හොර තක්කඩි හාමුදුරුවන්ගේ කයිරාටිකකම්වලට හසු නොවන්නෝ ද සිටිති. එබැවින්  බ්‍රිස්බේන් ලාංකික  සමාජය යම්තාක් දුරට හෝ යහපත්ව පවතී, වඩාත් යහපත් සමාජයක් බිහිකිරීමට නම් විවිධ සමාජ මනාපී චරිත රටාවන් ආවේශ කරගෙන සිටින  මෙවැනි කපටියන් පිළිකෙව් කළ යුතුමය.

ඔවුන්ගේ සැබෑ වනචාරීත්වය සමාජයට පෙන්වා දිය යුතුය. නොමිනිස් ශාසනානුලෝමික නොවන ක්‍රියාකාරකම් අනුමත නොකළ යුතුය. සංඝනායක පට්ටමේ සිට නිකායේ මහෝපාධ්‍ය දක්වා එවැනි කෛරාටිකයන් දරන නිලතල, බලතල හෙලාදැක ප්‍රතික්ශේප කිරීමට වගබලා ගත යුතුය. එවැනි අමනයන්ගෙන් ශාසනයට හෝ රටට අයහපතක් මිස යහපතක් සිදු වන්නේ නොමැත.

මේ තත්ත්වය මනාකාරයෙන් වටහාගත් ලාංකික මහතෙකු බ්‍රිස්බේන් නුවර කෛරාටික සංඝනායක හාමුදුරු තැන මතක් කරමින් අපූරු කියමනක් අපට එවා තිබුනේ…

‘ඉත්තේ කොස් ලොකු වුණාට
ඇත්තේ ගෙඩි පුස්
ගත්තේ දෙවි වෙස් වුණාට
නැත්තේ අනුහස්
රැක්කේ පෙහෙවස් වුණාට
දැක්කේ වස් දොස්
හක්කේ බුදු රැස් වුණාට
බොක්කේ දඩ මස්’

මේ පැරණි සී පදයෙන් ඉස්මතු වෙන යථාර්ථය හැමදාටම පොදු සැබෑවකි.

බලකාමය හා ධනකාමයෙන් කුල්මත් වූ කෛරාටිකයන් හෙටත් ඔබව මුලාකර වැජඹෙනු නිසැකය. ඇතැම් විට ‍ඔබ මඟින් තම අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට පිඹුරු පත් සකසනු නොඅනුමානය. බලකාමයෙන් අන්ධ වූ ධනකාමයට ලොල් වූ යසස් කාමයෙන් කුල්මත් වූ මොවුන්ට මිනිස් සිතැඟියාවන්  මනා සේ  වටහා ගෙන රිසිසේ අනෙකා රැවටිය, හැසිරවිය හැක. ජනතාවට මෙම අමන කපටියන් පන්නා දැමීමට කාලය දැන් උදාවී ඇත. 

වත්මන්  ඕස්ට්‍රේලියානු  සමාජයන් තුළ මේ හක්කෙන් බුදුරැස් විහිදුවන හාමුදුරුවරු කිහිපදෙනෙකි. ඔවුන් හැම විටම ජනතාව ඉදිරියේ මහා කරුණා සමාපත්තියට පත්වූවන් සේ කතාවෙන් ප්‍රදර්ශනය කර තම යටි අරමුණු ඉටුකර ගැනීමට හැබෑම හපන්නුය. ඒ අභූත චරිත හමුවේ අපි ‘තුඃ’ කියනු විනා ඒවාට අනුගාමිකයෝ නොවන්නේ වෙමු. පක්ෂ, පාට, ජාති, ආගම් භේද නොසලකා ‘දූෂිතයන්ට’ විරුද්ධ වෙමු.

ඉදිරියේදී ජනතාව හමුවට පැමින  ශාසනය නාමයෙන් සාන්ත දාන්ත ලෙස දායකයන්ගේ පොක්ට්ටුවට විදින  බඩගෝස්තරවාදීන්ට නොරැවටිය යුතුය. හුදෙක්ම ‘හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්’ ඇති අම්බරුවන්ට තැලීමට කෙවිට අතට ගෙන මඟ බලා සිටිය යුතුය.