පංසලේ තරුණ කැල විකුනා රජයේ ව්‍යාපෘති මුදල් කොල්ලකෑමේ සැලසුම නොහොත් නායකත්ව පුහුණු ගුංඩුව

බ්‍රිස්බේන් ලංකාරාම විහාරස්ථානයේ තරුණ ප්‍රජාව ආකර්ශනය කරගැනීමේ අරමුණින් ඔවුන්ගේ අනාගතය ගැන සලකා නායකත්ව කුසලතා සහ දක්ෂතා වර්ධනය කීරීමට ගත් යෝජනාව පිලිබද අපගේ ප්‍රසාදය පලකරමු.

07-04-2021 දින අප වෙත විහාරස්ථානයේ ලිපි ශීර්ෂය  යටතෙ ප්‍රජාව වෙත ඉලෙක්ට්‍රොනික තැපෑල හරහා මුදා හැරි ලිපියේ සදහන් වන්නෙ පුරා දශක දෙකක කාලයක් පුරා නායක හාමුදුරුවන්ගෙ නායකත්ව කෞෂල්‍යය යටතේ විහාරයේ තරුණ කැල ශක්තිමත් වුන බැවින් අනාගතයටද මෙසේ තරුණයන් සමාජයට දායාද කිරීමෙ අරමුණ නව කමිටුවේ බලාපොරොත්තුව බවය. 


පසුගිය දෙදශකය තුල මෙම විහාරස්ථානට අපගේ දරුවන් දහම් පාසලට හෝ රැගෙන ඒමට හැකිවූයෙ පංසලේ ඇති කැන්ටිමට සහ කඩයප්පන් වලට පිංසිද්ද වන්නටය. පංසලේ නායක්තව පුහුනුව වඩාත්ම ලැබුනේ අපගේ දුවා දරුවන්ට වඩා දෙමාපියන් වන අපිටය. ඒ ගෞරවනිය නැදිමාලෙ ෂුදම්මා අපට දුන් අන, තර්ජන, ගෙරවුම් සහ පීඩන හමුවේ ලැබුනු පංසල එපාවීමේ පුහුනුවයි. 

මෙම විහාරස්ථානයේ කලකසිට පවත්වාගෙන ආ සංස්කෘතික අංග පුහුනු වීම පවා වලකාලමින්, එදා දෙමාපියන් විශාල පිරිසකගේ විරෝධය මද්‍යයේ ,දුවා දරුවනට නැටුම් ගැයුම් ;විහාරවාසී ස්වාමීන් වහන්සේලාගේ විනයට බලපාන බව ප්‍රකාශ කරමින් අහුරන ලද්දේ මේ නැදිමාලේ ෂුදම්මා අම්මන්ඩිගේ නායකත්ව පුහුනුවට පිංසිද්ද වන්නට බව අපි කවුරුත් දන්නා කරුනකි. මෙම විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ගේ සිට සෙසු හාමුදුරුවන්ට පවා නායකත්ව පුහුනුව ලබා දෙන්නෙ මේ ෂුදම්මා මැතිනිය බව පෙනීයයි.

මෙසේ පංසලේ නැටුම ගැයුම් නාට්ටි නවත්වාලීමෙන් පසු විහාරස්ථ ස්වාමින්වහන්සේලාගෙ විනය ඉතා දීප්තිමත්ව බැබලුන බව කවුරුත් දන්නා නොරහසකි.  විහාරවාසී හිමිවරු සියලු දෙනා පාහේ රහත් වී අන්තරස්දාන වන්නට හේතුවද මෙවැනි නායකත්ව කුසලතාවෙන් හෙබි ධම්මා සුධම්මා දෙපල බව ඒ රහත් හිමිවරු ඒකමතිකව පිං අනුමෝදන් කරමින් මතක් කරන කරුණකි.

පසුගිය දශකයේ තේරී පත්වූ සියලුම කමිටු මෙසේ  තරුන ප්‍රජාව පංසලට ගෙන්වා ගැනීමට  උත්සහ දැරුවද නැදිමාලේ සුදම්මාගෙ “මං පොර” ජාතකය පමනක් දේශනා කිරීමෙන් ඒ සියලු ප්‍රයත්න අපතේ ගියේ විහාරස්ථානයේ නිමක් නැති ප්‍රශ්න ඇතිකරලීමෙනි. දරුවන්ගේ නායකත්ව  කුසලතා වර්ධනය  කෙසේ වෙතත් කඩයප්පම් විකිනීමෙන් ලැබෙන අරමුදලත්, ඔවුන්ට කඩයප්පන් කැවීමේ ආනිශංසත් ඇරුනු කොට මේ වන විට මෙම විහාරස්ථානය හැරගිය පිරිස් බොහෝය.

මෙසේ මෙම විහාරස්ථානයේ නායකත්වය කෙතරම් දක්ශද යත්, අද පංසලට අත්ව ඇති ඉර්ණම  එයට මනාව සාක්ෂි දරයි. දායක පිරිසගේ කනස්සල්ල අප්‍රසාදය කෙතරම් ද යත් අනෙකුත් හාමුදුරුවරු ලවා බ්‍රිස්බේන් වටා තවත් පංසල් අටවා ගැනීමෙන් ද, පංසලේ පවත්වාගෙන ආ සිංහල පාසලට අමතරව බාහිරවද පෞද්ගලික සිංහල පාසල් විවෘත කිරීමෙන් විහාර නායකත්වයේ හැකියාවන්ට සාක්ෂි දරයි. නැදිමාලෙ ෂුදම්මාගේ මං පොර ජාතකය දිගහැරීමෙන් ඉදිරියටත් තරුණ කැලට නායකත්ව පුහුනුව ලබා දෙන්නේ නම් දහම් පාසලද විහාරස්ථානයෙන් බැහැරව පැවැත්වීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බව මතක් කර දෙමු.

විහාරස්ථානයේ යශෝදරා දහම් පාසලින් සමාජයට බිහිවූ  වැඩදායක සතසත්පුරුෂ දරු කැල බොහෝ වන්නට පුලුවන නමුත් ඔවුනට මෙසේ නයකත්ව කුසලතාව දායාද කරන අයගෙ පෞද්ගලික ජීවිතද ඔවුන්ගෙ දරුවන් ගේ පෞද්ගලික ජීවිතද  පජාත, නන්නත්තාර  වූයේ ඇයි දැයි කියා කෙනෙක් සිතා බැලිය යුතුය. 

පංසලෙන් ඈත්වන තරුණ පිරිස් ගැන මෙසේ නැවතත් ලොකු හාමුදුරුවන්ට කරුණාව පහලවන්නේ දවසින් දවස පංසල කෙරෙහීත්, ඔහූගේත් දියාරු වී යන  ප්‍රතිරූපය ගොඩදාගනීමේ අසාර්ථක ප්‍රයත්නය සහ අරමුණින් බව පැටිකිරිය දන්නා කවුරුත් දනිති. නැතහොත් පත්වූ නව කමිටුව රවටා ශාසනික අරමුණින් තරුණ කැලට යැයි පවසා ඔස්ට්‍රේලියානු රජයෙන් සපයන ව්‍යාපෘති මුදල් මංකොල්ල කෑමටද (ලංකාවේ සුනාම් සහනාදාර මංකොල්ල කෑවෑ සේ) යන්න අප කවුරුත් විමසිලිමත් විය යුතුය….