වත්තේගම ධම්මාවාස හිමිගේ අඩිපාරේ යන ඔහුගේ ගෝල භාන්ඩෙ.

බ්‍රිස්බේන් ලංකාරාම මහා විහාරාධිපති සහ පේරාදෙණිය සිරි සුබෝධාරාමාදිපති වත්තේගම ධම්මාවාස හිමි ඕස්ට්‍රේලියාවේ භාවනා මද්‍යස්තානයක් ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කොටගෙන තම පෞද්ගලික අවශ්‍යතාවයක් ඉටුකරගන්නා බැවි සහ එහි අක්‍රමිකතා පිලිබදව “පවුල් අවුලක් විහාරස්ථ දායකයන්ගේ කරමතින් අරින ඕස්ට්‍රේලියාවේ නායක හාමුදුරුවො.” යටතේ අප අනාවරණය කරන ලද්දේ මීට සය මසකට පමන ඉහතදීය. ඔහුගේ අඩිපාරේ යමින් ඔහුගේ ජ්‍යෙෂ්ඨ ගෝල නමක් වන අලුත්ගම්ගොඩ ඥාණවීර හිමිද එලෙසම වංචාසහගත ලෙස නිහඩ අරණ නමින් භාවනා මද්‍යස්තානයක් ස්ථාපිත කිරීම සදහා බ්‍රිස්බේන් වාසී සහ ඔස්ට්‍රේලියානු වාසී ලාංකික සැසැදැහැවතුන්ගෙන් අරමුදල් එකතු කරනු ලැබ එහි වංචනික පසුබිම අලලා ‘ශාසන පරිහානියට එරෙහි මාධ්‍ය සංවිධානය’ නමැති සංවිධානයේ සුමනදාස පෙරේරා නමැත්තෙකු විසින් පලකරන ලද වාර්තාවක් මෙසේ නැවතත් මෙම වෙබ් අඩවියේ පලකරමු.


මෙම ලිපිය/පණිවිඩය ඔබවෙත එවීමේ පරමාර්ථය වන්නේ මෙකල බුදු දහමට සිදුවී ඇති තර්ජනයක් පිළිබඳව සිහිකැඳවීමටයි. මේය ඔබ වෙත එවන්නේ, ඇතැම් විටෙක ඔබද යම් අයුරකින් මෙයට නොදනුවත්චම හෝ දායක වී ඇත්දැයි අපට හැඟුණු බැවිනි.


ඇතැම් විටෙක බුදු දහමේ උන්නතිය තකා ඔබ දැක්වූ දායකත්වය, බුදු දහමේ නමින් පෙනී සිටින නමුත් බුදු දහම විකෘති කරමින් එහි පරිහානියට හේතු වන අයුරින් කටයුතු කරන චීවරධාරීන් හා ඔවුන්ගේ දායකයින්ය. මෙහිදී ඔවුන් ලෝකෝත්තර ජීවිතයකින් මෙහා ලෞකිකත්වයම අපේක්ෂා කරමින්, එයම දියුණු කරමින් පරිහානිකර ජිවිතයක් ගතකරන අතර ඔවුන්ගේ අනුගාමිකයින්ද නොදැනුවත්වම හෝ එයට උපකාර කරමින් මහා සාසන පරිහානියකට රුකුල් දීමෙන් අනාගතයේදී දුගතියට පත්වනු නොඅනුමානය. 


2020  වර්ෂය සියලුම ජන කොටස්වල ජීවිතය වෙනස්කරන ලද , අනියත බව මැනවින් පසක් කරදුන් වර්ෂයක් විය. මුළුමහත් මනුෂ්‍ය වර්ගයා වසංගතයකට ගොදුරු වනවිට සියල්ලන්ම ජිවිතාශාවෙන් භීතියට පත්විය. පසුගිය උඳුවප් පොහොය එනම් පෙර වර්ෂයේ දෙසැම්බර් මස පොහොය අප දිවයිනට වැදගත් දිනයක් විය, ඒ මක්නිසාද යත් සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමවීමෙන් භික්ෂුණි සාසනය ආරම්භ වීමද , සජීවී පුජා වස්තුවක් වූ ජය ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවීමයි.  


ඉක්බිතිව මෙහෙනි සසුන ඇරඹීම සනිටුහන් වීම  පිණිස සහ එමගින් අප සමාජයට ඇතිවූ   උද්දීපනය නිසාය. මේ උදුවප් පොහෝ දා අප සවනට යොමුවූ  බෞද්ධ පඬිරුවන කගේ ධර්ම දේශනයකි . මෙම ධර්ම දේශනය සීමෙන් අපගේ මනස් තුළ දෝංකාර දුන් මෙහි දැක්වෙන මුහුණු පොත් සටහන් ගැන දැඩි අවධානයක් යොමු කිරීම්ට සිතුවෙමු.

මෙම ලිපිය ඔබ වෙත එවීමට අදහස් කල අපද මෙවැනිම  කටයුත්තකට පිං පිණිස නමුත් යටි අර්ථය නොදැන දායක වී ඉන් නිර්මල බුදුදහම විකෘති කරන විනාශකාරී වෑයමකට දායක වුවා යන සිතුවිල්ලෙන් දැඩි ලෙස පසුතැවීම්ට පත්වී සිටිමු. 

මෙයට හේතු වුයේ මෙම වංචනිකයන්ගේ කූඨ පරමාර්ථ අප විසින් සොයා බලා  සාක්ෂි සහිතව  හෙලිකරගැනීමට හැකිවීමත් සමගය. මෙයින් අප මෙය කෙතරම් දුරකට හා කෙතරම් විශාලව පවත්වාගෙන යන ක්‍රියාවලියක් දැයි තෙරුම්ගතිමු.

බුදු දහම විකෘති කොට ඩොලර් / රුපියල් මිලියන ගණන් උපයන ආයතන කිහිපයක් ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙමගින්, චීවරධාරීන් යොදාගනිමින් ධර්මයට අනවශ්‍ය සරලබවක් ආරුඪ කොට වැරදි අර්ථකථන දෙමින් යතාර්ථයෙන් එහා ප්‍රසිද්ධ , ලෞකිකයෙන් පිරුණු ප්‍රතිරූපයක් බුදු දහම සඳහා නිර්මාණය කෙරෙමින් පවතී. මෙයට අනෙකුත් ආගම් හා දර්ශන වල කොටස් මිශ්‍ර කරමින්, සත්‍ය ධර්මයෙන් පිට විකෘති කරන ලද දර්ශනයක් සමාජගත කරමින් පවතින අතර, දායකයින් අතර සිටින ඉහල පෙලේ සමාජයේ පිළිගත් යයි සැලකෙන පුද්ගලයන්ද ප්‍රසිද්ධිය හා ලාභාපේක්ෂාවෙන් මෙම කාර්යයට සම්පත් දායකත්වය සපයති.

අපගේ මෙම කර්තව්‍යයට මුලික ප්‍රවේශයක් ලෙස අප දායක වූ ආරාමයේ ඇති තත්වයෙන් ඔබව දැනුවත් කීරීමට අප සිතුවෙමු. මෙම ආරාමය,  “නිහඬ අරණ”  ලෙසින් ආරම්භ කරන ලද සන්විධානයකි. මෙය ඉදිකරන ලද්දේ ඉඩම් අක්කර 7 කට ආසන්න නීළඹේ – වාරියගල වතුයායේ ඉඩම් කොටසකය.  

මෙහි තිරය පිටුපස විස්තරය මෙසේය.

ඉඩම මිලදීගැනීම
මෙම ඉඩම මිලදීගැනීමට අතරමැදියා ලෙස කටයුතු කරන ලද්දේ අද “නිල්ලඹ අනුත්තරා” ලෙස හඳුන්වන ගිහි කල (එකල) නිල්ලඹ අනුරාධා නමැති කාන්තාවයි. මෙම ඉඩම මිලදීගෙන ඇති සත්‍ය මිල දායකයන්ට දක්වා ඇති මිලට වඩා බොහෝ අඩු මිලක්ය. නමුත් දායකයින්ගෙන් එකතු කර ඇති හා ඔවුන්ට පෙන්වා ඇති මිල වන්නේ රුපියල් මිලියන  27ක් ය (රු27,000,000) මෙම මිල වෙනස අතර ඉතිරි මුදලට සිදුවුයේ කුමක්දැයි අපට පැහැදිලි නොවිණි.  මෙම ඉඩම මිලදීගත් ගනුදෙනුවේ වංචාව පිළිබඳව ඔප්පු කීරීමට අප සතුව සාක්ෂි පවතී.

මෙම සැකය, මෙමෙ කාන්තාව දෙසට එල්ලවීමට හා මෙම කරුණු සොයාගැනීමට ප්‍රධාන හේතුව වුයේ, මෙම ඉඩමේ වටිනාකමේ වෙනස පිළිබඳව දැනගැනීමට ලැබීම හා එම ගනුදෙනුවට සාපේක්ෂව ආසන්න කාලයේදී සිදුකල අනෙකුත් නිශ්චල සහ චංචල දේපල මිලදීගැනීම් හා වියදම් කිරීම් ගැන සැලකිල්ලට ගැනීමෙනි. 

මිට අමතරව, දායකයන්ගේ මුදල් පෞද්ගලික ගිණුම්වල ආයෝජනය කර ඇති බවට සාක්ෂිද අප සතුය. එසේම අප මුලදීවත් නොසිතු ආකාරයට පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා භික්ෂු / භික්ෂුණි වේශයෙන් සිටින පුද්ගලයින් කටයුතු කරන අතරම නොමනා , විනය හා ධර්ම විරෝධී කටයුතුද මෙහිදී සිදුවන බවට අපට තොරතුරු ලැබෙමින් පවතී. ඉදිරියේදී මෙම තොරතුරු සාක්ෂි සහිතව ඔබට ලැබෙන්නට සලස්වනු ඇත. 

මෙම ලිපියෙන් අප ගන්න ආරම්භය , අපට හැකිතාක් කාලයක් පුරා ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂු වේශයෙන් පෙනී සිටින නමුත් විනය හා ධර්ම විරෝධී කටයුතු කරමින් ශාසන පරිහානියකට රුකුල්දෙන අපරාධකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට අප අදිටන් කරගෙන සිටිමු.


මෙම ලිපිය කිසිඳු අයුරකින් පෞද්ගලික එදිරිවාදිකමක් පිනවීමට නොව, මෙසේ සිදුවන අකටයුතුකම් හා ශාසන පරිහානිය දැක ඇතිවූ කලකිරීම නිසා ඔබ වෙත ලැබෙන්නට සලස්වමු.

අප විසින් මුලික කරුණු ලෙස දක්වන ලද මුල්‍යමය කරුණු , වංචාව හා සමාජ විරෝධී ක්‍රියා පිළිබඳව තවදුරටත් කරුණු දක්වාසිට මෙයට නොදැනුවත්වම දායක වන අයගේ සිහිකැඳවීම මෙම ලිපියේ අරමුනයි.

අප විසින් පෙර ලිපියේ සඳහන්කළ නිහඬ අරණ වෙනුවෙන් “සුබෝධාරාමය” නමින් අදාළ ඉඩම මිලදීගැනීම උපායශීලි මගකි. එම නමට මිලදිගත්තද , මුදල් එක්රැස් කීරීමට යොදාගත්තේ පාලනය නොවූ පෞද්ගලික ගිණුමකි. එම ගිණුම් අතර මුදල් හුවමාරු වූ අයුරු හා ගනුදෙනුව සඳහා සත්‍ය වශයෙන්ම ඉඩම අයිතිකරුට ගෙවූ මුදල පිළිබඳව අප පෙර ලිපියේ දක්වා ඇත.

මෙම ගනුදෙනුව හා මුදල් එක්රස්කිරිම පිළිබඳව අද වනතුරු ආදායම් හා වියදම් වාර්තාවක් දායකයන්ට දන්වා නොමැත. කිසිඳු විගනනයක්ද කර නොමැත. මෙලෙස මහජන මුදල් පුණ්‍ය කටයුතු මුවාවෙන් එකතුකොට, තම පෞද්ගලික ධනය මෙන් 50-75% ප්‍රමාණයක් පමණක් අදාළ කටයුත්තට යොදවා ඉතිරිය යටිමඩි ගසාගැනීම කෙතරම් නිර්ලජ්ජිත ක්‍රියාවක්දැයි අප විශේෂයෙන් සඳහන් කලයුතු නැත.

සාමාන්‍යයෙන් ඉඩමක් මිලදීගැනීමේදී තක්සේරුවක් ලබාගත යුතුය. එය අදාළ ආයතනය හෝ සංගමය මගින් අනුමත කරගත යුතුය. විශේෂයෙන් මහජන මුදල් මෙයට යෙදවීමේදී දායකයින්ට මෙය දැනගැනීමට අයිතියක් ඇත. අවශ්‍ය විටෙක විගණන වාර්තාවක් හා සහතික කල ගිණුම් වාර්තාවක් ඉදිරිපත් කීරීමට හැකි විය යුතුය.
පෙර ලිපිය මුදාහැරීමෙන් පසුව අප සමග මෙයට දායකවූ පිරිස සම්බන්ධ වන්නේ තමන් පුණ්‍ය කටයුත්තකට ලබාදුන් මුදල් අවභාවිතය ගැන සැලකිල්ලෙනි.

මෙම ව්‍යාපෘතියේ මීළඟ අදියර ලෙසට දැවැන්ත මහල් කිහිපයකින් යුතු සුඛෝපභෝගී ප්‍රාසාදයක කාමර/කුටි සැදීමට සැලසුම් කොට ඇති බව දක්වා තිබේ. දැනටත් සිදුවන විෂමාචාර ක්‍රියා අනුව, අපට හැඟෙන්නේ මෙය, භාවනාව මුවාවෙන් කාමාචර අති සුඛෝපභෝගී පහසුකම් “පැවිදි” වේශයෙන් ලබාගැනිමකි. මෙම ගොඩනැගිල්ල සඳහාද වරලත් ඉන්ජිනේරුවෙකු මගින් හෝ වරලත් නිර්මාණ ශිල්පියෙකු මගින් ඇස්තමේන්තු සාදා එය අනුමත කරගෙන නැත.

අප වෙසෙන ශ්‍රී ලංකාවේ මේ වනවිට දිනපතා දානයවත් නොලැබෙන විහාරස්ථාන බොහොමයක් පවතී. එලෙස පවතිද්දී මෙවැන්නකට , එනම් ධර්ම මාර්ගය විකෘති කරමින් බෞද්ධාගම විකුණමින් , විනාශ කරමින් හා දුරාචාර වල යෙදෙමින් ගෙනයන කටයුත්තකට අනුබලදීම කෙතරම් විනාෂකාරිදැයි ඔබ වටහාගත යුතුව ඇත. මෙවැන්නකට ලබාදෙන මුදලින් ඔබට සුගතිගාමී වීමට හැකි යයි ඔබ සිතනවානම් ඔබට හරිමග පෙන්වන මුවාවෙන් මාර්ගය වරද්දවා ඇත. බෞද්ධ භික්ෂු මුලික විනය කඩකිරිම් හා සමාජ විරෝධී ක්‍රියා , විශේෂයෙන් කාන්තාවන්  සම්බන්ධව කුප්‍රකටව සිදුකිරීම අපට කෙසේවත් අනුමත කල නොහැකිය. එය ප්‍රාථමික මට්ටමේම භික්ෂු පාරජිකාවකි. නමුත් මොවුන් චීවරධාරීන් පමණක්ම වන බැවින් එහි හානිය බෞද්ධ දර්ශනයේ නිර්මලත්වයටයි.

විවිධ මවාපෑම් මගින්, අනවශ්‍ය තරම් ධර්මය විකෘති කොට, මිට පෙර විවිධ අන්‍යාගමික පුද්ගලයින් විසින් සිදුකල මිත්‍යාදෘෂ්ටික වුත් එනමුත් පුහු ජනප්‍රියත්වයක් ලබාගත් දේශනා භාවිතා කරමින් එම දේශනාවන් බුදු දහම ලෙසින් දැක්වීම කෙතරම් ශාෂණික පරිහානියක්දයි ඔබම සිතා බලන්න. බයිබලය හා ඕෂෝ ගේ පුහු හා ලාමක ඉගැන්වීම් බුදු දහම වසා මෙහිදී දැක්වීමෙන් පිරිස් එයට ආකර්ෂණය කරගැනීමක් මෙහිදී සිදුවේ. එයට හේතුව, එම ඉගැන්වීම් වල ප්‍රශ්නයක සිටින පුද්ගලයාට තමන්ව සාධාරණීකරණය කරගැනීමට ඉඩදීමයි. 


අප මෙහි සඳහන් කරන ලද හා පෙර ලිපියේ සඳහන් කරන ලද “ඥාණවීර” නම් මෙම නිහඩ අරණට සම්බන්ධ චීවරධාරී පුද්ගලයා තම කටයුතු වලට ප්‍රදේශයෙන්ම විරෝධයක් ගොඩනැගෙන බව දැන , එය මගහරවා ගැනීමට විවිධ සුක්ෂම කටුතු කරමින් පවතින බව දැනට අනාවරණය වෙමින් පවතී. 

මෙම ක්‍රියාවලිය සාමාන්‍ය කුප්‍රකට, රාජ්‍ය නොවන සංවිධාන (NGO) වල සිදුවන, යම් සමාජ සේවාවක් සඳහා මුදල් රැස්කර, එයින් සංවිධානය මෙයින් ඉතාමත් වැඩි ප්‍රතිලාභයක් ලබා, ඉන් ඉතාමත් සුළු කොටසක් පමණක් අදාළ සේවාවට යෙදවීමේ ව්‍යාජ ක්‍රියාවලියකට අතිශයින් සමාන වේ. මෙහිදී මෙලෙස විකුණනු හෝ ප්‍රසිද්ධියට පත්කරනු ලබන්නේ අප බුද්ධාගමයි , බෞද්ධ දර්ශනයයි. එය ව්කෘති කොට ජනප්‍රිය මුලධර්මවාදී දර්ශනයන් සමග මුසුකොට විකෘති ධර්මයක්, බුද්ධ ධර්මය ලෙස ප්‍රසිද්ධ කරනු ලබයි.

සාමාන්‍ය ජනයා මෙයට එක්රැස්වීමට ප්‍රධාන හේතුවනම්, ලාමක අදහස් , වැදගත් අදහස් ලෙස හුවාදැක්වීමෙන් ඔවුන් මෙය බුද්ධ ධර්මය ඔවුන් සම්පුර්ණයෙන් වටහාගත්තා යයි ලබාගන්නා වැරදි අදහසයි.
නිවැරදි දේ තේරුම්ගැනීම හා තේරුම්ගත් ඕනෑම දෙයක් නිවැරදි යයි සීතීම අතර පැහැදිලි වෙනසක් පවතී. නිර්වාණය වැනි උතුම් හා ඉහල මට්ටමකට ලඟාවීමට සරල ලාමක අදහස් වලින් හා ව්‍යාජ රැවටිමකින් හැකි යයී ඔබ සිතන බව අප නොසිතමු.
මෙවැනි දේ වලක්වා , විය යුත්ත සිදුකිරීම ඔබගේත් අපගේත් වගකීමකි. 

මීට,
අවිද්‍යාවෙන් එහා පදනම 
ශාසන පරිහානියට එරෙහි මාධ්‍ය සංවිධානය.