පාස්කු ප්‍රහාරයට බ්‍රිස්බේන් ලංකාරාමයත් වගකිවයුතු ද?

බොදු බල සේනා සංවිධානය අන්තවාදී සංවිධානයක් හැටියට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම නිගමනය කර තිබේ. ඒ අතර මෙම ප්‍රහාරයට බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම් හා මතවාද ද හේතු වී ඇතැයි කොමිසම වැඩිදුරටත් නිගමනය කර ඇත.

2019 වර්ශයේ අප්‍රේල් මස 21 දින කිසිවෙක් බලාපොරොත්තු නොවන ආකාරයෙන් මුළු ලොවත්,රටත් කම්පාවට පත් කරමින් අන්තවාදී පිරිසක් විසින් කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් කුරිරු ලෙස මිනිස් ජීවිත රැසක් දැයට අහිමි කළෙය. එවැනි ඉරණමක් අපට අත්විදින්නට වූ මූලිකම හේතුව වශයෙන් රටතුළ පවතින ඉස්ලාම් අන්තවාදී හරය වන තවුහිත් මතවාද බවත් මුල් අවධියේදී කල්මනාකරනය නොකල බෞද්ධ අන්තවාදය විසින් එය තවදුරටත් පැසවීමට ලක් කරන බවත් කොමිසම පෙන්වා දෙයි.

අප්‍රේල් 21 ප්‍රහාරය සිදුවීමෙන් පසු මහජන විරෝධතා කඩාකප්පල්කාරී ක්‍රියා දේපල හා පුද්ගලයන් හානි සිදුකිරීම සහ මහජන නොසන්සුන්තාවයට ඇති පිරිස්  හඳුනාගෙන ඇති බව කොමිසම අවධාරණය කරයි.

උක්ත කරුනට අදාලව ඕස්ට්‍රේලියාවේ  ප්‍රධාන සංඝනායක වත්තේගම ධම්මාවාස හිමියන්ගේ මූලිකත්වයෙන් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමයේ; බොදුබල සේනා ත්‍රස්ත සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිද ඇතුලු තවත් ජාතිවාදී පිරිසකගේ සහභාගිත්වයෙන් සිංහාවලෝකනය නැමැති මුස්ලිම් සහ අන්‍යාගමික විරෝධී ‘අපේකමට පෙරදැක්ම’ පාඨය යටතේ ජාතිවාදී ප්‍රොපගැන්ඩා සම්මන්ත්‍රණයක්  සංවිධානය කිරීමෙන් මහනුවර දිස්ත්‍රික්කය තුල වෛරය ඇවිස්සීමට කටයුතු කෙකෙරුණු බව සහ ශ්‍රී ලංකාව තුළ මුහුණු පොත (facebook) හරහා මුස්ලිම් විරෝධී වෛරය ඇවිස්සීමට මෙන්ම තෙල්දෙණියේ ප්‍රචන්ඩ සිද්දි මාලාවට පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමය ඇතුලු එහි වසන සමහරක් හාමුදුරුවරුද පෙරමුන ගෙන ක්‍රියා කල බව  “පේරාදෙණිය සිරි සුබෝධාරාමයේ ජාතිවාදී පිල්ලිය ඕස්ට්‍රේලියාවට වැඩමවීම සහ බ්‍රිස්බේන් ලංකාරාමයේ මතුදැක්ම” යන පාඨය යටතේ මෙම වෙබ් අඩවියේ වාර්තා කරන ලදි.

මෙම පාස්කු ඉරිදා කොමිසම් වාර්තාව අනුව මහජන නොසන්සුන්තාවයක් ඇති කොට රට තුළ මෙවැනි ක්‍රියාවන්ට ආධාර හෝ අනුබල ලබා දුන් බවට සහ එම ක්‍රියාවන් මගින් සමාජය තුළ සාමය ස්ථාපිත කිරීමට බාධා කළ , සමාජ අඛණ්ඩතාව කඩාකප්පල් කරමින් වාර්ගික කැළඹීම් ඇති කළ බැවින් බොදු බල සේනා සංවිධානයේ    මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නඩු පැවරීමේ හැකියාව සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව එම කොමිසම් නිර්දේශ පෙන්වා දෙයි.

මෙසේ බොදු බල සේනාවත් එයට සෘජුව සහ වක්‍රව සම්බන්ද සියලු පාර්ශවයන් මෙම කොමිසම මගින් වරද කරුවන් කිරීමෙන් දිගන තෙල්දෙණිය ඛේදවාචකයෙ පමනක් නොව පාස්කු ඉරිදා ප්‍රහාරයේද ලේ වත්තේගම ධම්මාවාස හිමිගේ සහ ඔහුගේ ගෝල බාලයන්ගේ අත්වල තැවරී දැන් හමාරය. 

බොදුබල සේනාවට සහ එහි ලේකම්ට දඩුවම් පැමිනවීමට නිර්දේශ වීමෙන් ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙකු වන වත්තේගම ධම්මාවාස හිමිටද වෙනත් රටකදී (ශ්‍රී ලංකාවේදී) මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනුවෙන් වක්‍රව දායක වීම සම්බන්දව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු සහ විදේශ කටයුතු දෙපාර්තමේන්තු (සහ ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් උල්ලංඝනය පිලිබදව විමර්ශනය කරන සියලු රාජ්‍යය සහ රාජ්‍යය නොවන ආයතන) නැවතත් මේ පිළිබඳව දැනුවත් වී; ආගමික කණ්ඩායම් අතර එදිරිවාදීකම හා වෛරය ප්‍රවර්ධනය කෙරූ මහජනයා ප්‍රචණ්ඩත්වයට පොළඹවා වෛරී කතිකාවත් මගින් සාමයට බාධා පමුණුවීමෙන් ආගමික විශ්වාසයක් ඇදහීමේ හෝ ප්‍රචාරය කිරීමේ මුවාවෙන් විනාශකාරී ක්‍රියාවන් සිදුකිරීම හෝ සිදුකිරීමට උත්සාහ දැරීම යන කාරනාව මුල්කොටගෙන ඕස්ට්‍රේලියානු නීති ප්‍රකාර බ්‍රිස්බේන් ලංකාරාමය වැනි ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංවිධානයක් ,ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නියැළී සිටින, සහයෝගය දක්වන,විදේශීය ත්‍රස්ත කණ්ඩායම් සමග සම්බන්දතා පැවැත්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු බහු වාර්ගික ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු වන පරිදි  වහාම තහනම් කිරීම ඔස්ට්‍රේලියානු රජයේ වගකීමක් බව මතක්කර දීම අපි පෙර ලිපියෙන් මතක් කර දෙන ලදි.

මෙසේ තෙල්දෙණිය ප්‍රහාරයෙ සහ පාස්කුප්‍රහාරයේ ලේ තවරාගත් පෙරාදෙණිය සුබෝධාරාමයත්, බ්‍රිස්බේන් ලංකාරාමයත්, වත්තේගම ධම්මාවාස හිමිත් දැන් තම නිරුවත වසාගන්නේ මෙවර වෙසක් නිමිති කොටගෙන “අධ්‍යාත්මය තුලින් ලෝක සාමය” යන තේමාව කොට ගෙන බහු ආගමික සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමෙනි.

අජාන් බ්‍රහම් වැනි මහ තෙරුන්වහන්සේද මෙම සම්මන්ත්‍රණයේ පසුබිම නොදැන දායක වීමෙන් හත්පොලේ ගාගනු නිසැකය. එවැනි ථෙරනමක් සහභාගී කරවාගැනීමෙන් ලෝකයාට පෙන්නුම් කරන්නෙ ඕස්ට්‍රේලියාවේ වත්තේගම හිමිට මෙවැනි සම්මන්ත්‍රණ තුල විශාල පිළිගැනීමක් ඇති බව පෙන්වීමටය.

ලෝකයා හමුවේ ජාතිවාදියෙක් වී දියාරු වූ ප්‍රතිරූපය නැවතත් බෝධිසත්ව ගුණොපේත සම්මන්ත්‍රණ තුලින් ගොඩනගා ගැනීමට වෙරදරන්නෙ ධම්මාවාස හිමිගේ රෑ දැනියෙල් දවල් මිගෙල් චරිතය වසං කරගැනීමට බව දැන් පැහැදිලිය. ලංකාවේ ජාතිවාදය වර්ගවාදය පතුරුවා ඒවා අතේ පත්තු වූ විට ඕස්ට්‍රේලියාවේ ‘බහුජාතික’- ‘බහු ආගමික’- ‘ලෝක සාමය’ යන මාතෘකා මුල්කොටගත් සම්මන්ත්‍රණ පැවැත්වීම කෙතරම් ප්‍රයෝගකරද යන්න නුවණින් විමසා බැලිය යුතුය.

කෙසේ හෝ කල වැරදි වටහා ගනිමින් සැබෑවටම ලෝක සාමය වෙනුවෙන් කැපවන්නේද ධම්මවාස හිමි වැනි චරිතයකට එය නව ප්‍රවනතාවයකි . එනමුත් රෙදි ගලවාගෙන හෙළුව පෙන්වූ කෙනා නැවත කොපමන රෙදි පොරවාගත්තත් ඔහුව ලෝකයා දකින්නෙ හෙළුවෙන්මය. ‘අධ්‍යාතමයෙන් ලෝක සාමයට’ නමැති බැටළු හම පොරවාගන්නේ වෘර්කයාගෙ ජාතිවාදී වර්ගවාදි හෙලුව වසාගෙන ලෝකයා හමුවේ ජාමෙ බේරාගැනීමට මිස පහල වූ මහා කරුණාව නිසා නොවන බව සතා දන්නා සියලු දෙනා දනිති.